අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ
රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමැතිවරු සිටීනම් ඔවුන්ගේ නම් හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූයේ අද (24) තංගල්ල හේනකඩුව විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීය.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
“ආණ්ඩුව හැමදාම අර්බුද ඇතිකර ගන්නවා. රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමැතිවරු ඉන්නවා කියල කියන්න අමාරුයි. මහින්ද අමරවීර ඇමැතිතුමා එහෙම කියනවා නම් එයා නම් හෙළි කරන්න ඕනෑ. ජනාධිපතිවරයාට එහෙම දෙයක් වෙනවා නම් එය රාජද්‍රෝහී ක්‍රියාවක්. නමුත් මම හිතන්නේ නැහැ රෝ එක්ක එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕනෑ. ආණ්ඩුවට එහෙම නිහඬ වෙලා ඉන්න පුළුවන්කමක් නැහැ. අපි යුද්ධ කාලෙදීවත් එහෙම කළේ නැහැනේ. ”
COMMENTS
කට පරිස්සමින්. දුෂණ. වැඩ කරලා ලොකු උදවිය කියන කතාවක්.... මේක එහෙම කියපු කට්ටියගේ නම එනවා ඉදිරියෙන්ම
අර ඉස්සර හිටිය අත්..... ලා වගේ කට්ටිය දැනටත් ඉන්නවානේ. තමන්ගේ පක්ෂේ සියලු දේවල් අනිකුත් පක්ෂවලට කියලා වාසි ලබාගන්න එක පුරුද්දට ගියහම රටට හෙනගැහිලා ගියත් කමක් නැහැ . වාසියට හෝයියා. නොදැන මොන කතාද?
අයියෝ මෙයත් බයවෙලා... ඉන්දියාවේදී ලොකුඅයියා මොකද කීවේ?
රටේ සියලුම විහාරස්ථාන දේසපාලන මඩු බවට පත්කරගෙන ..
මුහුණ බලන කණ්ණාඩියයක් ඉදිරියට ගිහිල්ල ඔය කතාව කිව්වනම් හිටපු ඔත්තුකාරයො හැමෝගෙම නම් ටික එළියට ඒවි.