(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රිෆ්කාන් බදියුදීන් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(17) නියෝග කළාය.
ඔහු රුපියල් 25,000ක මුදලක් සහ ලක්ෂ 5ක බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ඇප නියෝගය වශයෙන් සෑම ඉරිදා දිනකම පෙරවරු 9.00ත් 12.00ත් අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
මන්නාරමේ, තලෙයිමන්නාරමේ පිහිටි ලක්ෂ 240ක් වටිනා අක්කර 40ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගත්තැයි කියන සිද්ධියට රිෆ්කාන් බදියුදීන් මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් ඒ ඉඩම් බාරදුන්නද ? පැහැදිලිවම ඡන්ද ගුන්ඩුවක්. වරද පෙනී පෙනී ඇයි ඇප ?