IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


රුහුණු සරසවි සිසුන් 19 දෙනා යළි රිමාන්ඩ්

 

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකුට ලිංගික අඩත්තේට්ටම් සිදුකර පහරදී අමානුෂික ලෙස නවකවධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ සිසුන් 19 දෙනෙකු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ආරියසේන පනංගල මහතා අද (19) නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කෙරුණේ රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික ද සිල්වා, තෙවැනි වසරේ ඉගෙනුම ලබන දර්ශන රුවන්, දිල්ෂාන් තාරක, නවෝද කිත්මල්, හර්ෂ නයනජිත්, සුපුන් සමීර, කසුන් දිනෙත්, එස්.විමලසූරිය, නවීන් හර්ෂණ, ලහිරු සචිත්‍ර, කේ.ලක්ෂාන්, ප්‍රදීප් ධම්මික, නුවන් සම්පත්, ශමිල් නාරද, හර්ෂ දේවප්‍රිය, ඩබ්ලිව්.එම්.රූපසිංහ, කැලුම් විරාජ් හා කපිල රත්නප්‍රිය යන සිසුන්ය.

ඔවුන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි හබරගමුවගේ දර්ශ උදයංග (22) නැමැති සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩත්තේට්ටම් සිදුකර පහර දී අමානුෂික ලෙස නවකවධය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රක්ෂිත බන්ධනාගාරයට පත් කරන ලෙස ද පොලීසිය ඉල්ලා සිටියේය.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර සිසුන් පිරිස මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

නවකෙවධයට ලක් වු බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබු අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය.

ඒ අනුව පොලීසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

 



අදහස් (9)

රුහුණු සරසවි සිසුන් 19 දෙනා යළි රිමාන්ඩ්

Sugath Premalal Monday, 19 August 2019 08:43 AM

ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කොට රජයේ කිසිම විභාගයකට ඉදිරිපත් නොවීමට කටයුතු කලොත් හොඳයි ... ඔවුන් මානසික ලෙඩ්ඩු...

:       0       187

RaveendraMonday, 19 August 2019 10:43 AM

සහතික ඇත්ත. එමෙන්ම කිසිඳු රැකියාවක් නොලබා තම ජීවිත කාලෙටම දියව් දියව් කියා කෑමොරදීමට වැඩකටයුතු සැලැස්විය යුතුය. මක්නිසාදයත් මොවුන් විනාශ කරන්නේ අනිකුත් දූදරුවන්ගේ අනාගතය බැවිනි. සදහටම සමාජයෙන් කොන්කළ යුතුමයි. එවිට ඉදිරියේදී මෙවන් ක්‍රියාවන් කිරීමට මෙවන් නිවටයන් බියවෙනු ඇත. අන්තරේ ඉන්න "කුඩුකාරයින්ට" අපගේ මෙම අදහස් කියවීමට හැකිවේවා !!! සරසවිවල ශිෂ්‍ය නායකයින් යයි කියාගන්නා අයට මෙසේ රස්තියාදු කාරයන් ලෙස හැසිරීමට ඉඩ නොදෙමු...

:       0       86

p.d goonawardena Monday, 19 August 2019 08:50 AM

තව දුරටත් ඇප නොදිය යුතුයි. අපරාදේ අම්මලා තාත්තලා දුක් විඳලා මුන්ට ඉගෙනගන්න වියදම් කරපු සල්ලි.. අපේ රටේ විතරයි මේවා...!!! 

:       0       41

Raveendra Monday, 19 August 2019 08:51 AM

මෙම නිවටයන්ට තවදුරටත් අහිංසක පුරවැසියන්ගේ බදුමුදල්වලින් මෙලෙච්ඡ ක්‍රියාවන් කිරීමට ඉඩනොදෙන ලෙස අප ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නෙමු. මෙම "මෘගයින්ගේ" සියලුම විස්තර ඡායාරූපද, ලිපිනයන්ද මහජනතාවට දැනගැනීමට ඵල කිරීමෙන් ඉදිරියේදී මෙවන් නිවට ක්‍රියාවන්ට නැඹුරුවීම වැළකෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. අවසාන වශයෙන් අප මෙසේද සඳහන් කිරීමට කැමැත්තෙමු. "19 දෙනාගේම " දෙමාපියන් මොනතරම් දුක් කම්කම්කටොලු විඳදරාද ඔය තත්වයට ගෙනඒමට උත්සාහ කරේ යන්නවත් හිතන්න."උපන් රටටත් බරක් බව දැනගනිව්..." අන්තරේ ඉන්න අයට මෙය කියවීමට හැකිවේවා... !!!

:       1       109

wana Monday, 19 August 2019 09:07 AM

මමත් බැලුවා ඔහුගේ මාද්‍ය සාකච්ඡාව .මමනම් ලකුණු තිබ්බත් පෞද්ගලික සරසවියක ඉගෙන ගත්තේ වෙලාවට. නැත්නම් මටත් දෙවිපිහිටයි. මොනවා උනත් පව් මේ අහිංසකයා. ඔය 19 දෙනාට ඇප නැතිව සිර දඩුවම් දෙන්න ඕන .

:       13       105

IndunilMonday, 19 August 2019 09:40 AM

නරියට මිදී තිත්තයිලු...

:       157       11

Mahee Monday, 19 August 2019 10:20 AM

මේ අයගේ නායකයා මහා ශිෂ්‍ය සංගමේ සභාපති කියා ගන්න පුද්ගලයෙක්නේ. මහා ශිෂ්‍ය සංගමේ කියන්නේ අර ඕස්ට්‍රේලියානුවාගේ බංකොලොත් පක්ෂයේ බළල් අතක් බව කවුරුත් දන්නවනේ.. ඔවුන් රටේ පාලන බලයත් ඉල්ලන්නේ මේ වගේ වැඩවලට බව සිහි මොලේ ඇති මිනිස්සු තේරුම් ගනිත්වා...

:       0       38

කුරුටුගාමියාMonday, 19 August 2019 02:03 PM

මෙහි මහාශිෂ්‍ය සංගමයේ චූදිතයින් සියළු දෙනාගේම ශිෂ්‍යභාවය අහෝසිකළ යුතු අතර ඔවුන් කිසිවෙක් අනාගතයේ කිසිම රාජ්‍ය ආයතනයකටවත් සේවයට නොගත යුතුමයි. එසේම මෙවැනි දෙයට දිරිදෙන ඕස්ට්‍රේලියානුවාගේ පක්ෂයද තහනම් කළයුතුය.

:       0       20

ravi Monday, 19 August 2019 12:22 PM

ලෝකයේ කිසිම රටක නැති සරසවි ශිෂ්‍ය ප්‍රශ්න තමයි අපේ අයට තියෙන්නේ. නැහැදිච්ච ප්‍රශ්න, මුඩුක්කු ප්‍රශ්න, වෙනවෙන ප්‍රශ්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1105 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site