IMG-LOGO

‘රුසියා-යුක්රේන යුද්ධයෙන් ලංකාවට වන අයහපත ගැන රනිල් කියයි‘

(අංජුල මහික වීරරත්න)

ලංකාවෙි පහළ සහ මැද කොටසේ වගා කරන තේ රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකටම අපනයනය කරන හෙයින් එහි යුද්ධය ලංකාවෙි  තේ කර්මාන්තයට බලපෑමක් ඇති කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක  සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අැමෙරිකාව හෝ එක්සත් රාජධානිය රුසියාවට එරෙහිව සම්බාධක පැනවුවද ලංකාව  රුසියාව හෝ වෙනත් රටවල් සමඟ වෙළෙඳාම නතර නොකළ යුතු බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම නිසා  ඉදිරි වසර දහය ඇතුලත ආසියාව ලොව බලවතා බවට පත් වන ලකුණු ඇතැයි ද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (13)

‘රුසියා-යුක්රේන යුද්ධයෙන් ලංකාවට වන අයහපත ගැන රනිල් කියයි‘

Pradeep Kumara Friday, 04 March 2022 03:38 PM

ලංකාවට අයහපත උදාවුනේ 1948 දී මහත්තයෝ. ඒක හොඳටම වැඩි වුණා 1977දී. දැන් ඒක උපරිමයට ඇවිල්ලා තියෙන්නේ. ලෝකේ මොනවා වුණත් අපිට කෙලවිලා ඉවරයි..

:       23       16

SUNIL MILANO Friday, 04 March 2022 04:31 PM

මාර දැනුමක්නේ මෙයාට තියෙන්නේ... අපි කවුරුවත් ඕක දැනගෙන හිටියේ නැහැනේ... මෙයාගේ ටිකිරි මොලේ...!

:       11       6

Raveen Friday, 04 March 2022 04:36 PM

මෙතුමා කියන දේ අනිවාර්යයෙන්ම සිදුවෙයි.. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැනත් මෙතුමාගේ පුරෝකථන නිවැරදි වී අවසන්...!

:       2       13

බද්රානි Friday, 04 March 2022 04:39 PM

ඉදිරි කාලයේදී ආසියාව බලවතා වුණත්, ලංකාව් නම් ඉතින් බලු කුක්කන්ම තමයි. වැඩ බැරි කාතා කාරයින් මේ කරලා තියන හරිය හොඳට පේනවනේ දැන්? ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වන තේ වගාවේ නිරත කම්කරුවන්ගේ ජීවන තත්වය ගැන මේ රටේ අමන පාලකයින් සිතුවද? ඒ තේවතු කම්කරුවන්ට අසාධාරණයට ඔය තේ වගාව මේ රටින් විනාශ වෙන්නම ඕනෑ. දියුණු රටවල ආර්ථිකයට දායක වන්නන්ට ඒ රටවල රජයන් කොතරම් සලකනවද? මේ අමනයින්ගේ රටේ හොර තක්කඩියන්ට මිස වෙන කාටද රාජ්‍ය අනුග්‍රහයක් හෝ පිළිසරණක් ලැබෙන්නේ..?

:       0       13

ජනතාව Friday, 04 March 2022 05:26 PM

යුක්රේන ජනතාව පවසා සිටින්නේ වහලුන් වී රුසියාව යටතේ සිටිනවාට වඩා සටන් කර මිය යෑම සැපයි කියලා. ඒකට මෙහෙ..!! වහලුන් වීමේ නිතැති ආශාව ඇති බහුතරය සැමදා ඉන්න රටක අපි ඉන්නේ... මේ තරම් කම්පනය ගෙන දෙන යුක්රේන යුද්ධය ලංකාවට වාසිදායකයි කියපු අසංවේදී අයවලුන් මේ රටෙන්ම පහළ වුණු එක නම් ලැජ්ජාවට කරුණක්...

:       4       13

Akila Friday, 04 March 2022 05:50 PM

අපරාදේ, මෙයා අගමැති වෙලා හිටිය කාලේ මෙහෙම දෙයක් වුණා නම්, මෙයා මෙලහකටත් වෙන රටක සමුළුවකට ගිහිල්ලා වීරයා වගේ රුසියානු ආක්‍රමණයන්ගෙන් ලෝකෙට වෙන බලපෑම ගැන දේශනයක් තියෙනවා.. දැන් ඉතින් ඒවත් බැහැනේ.. අතින් වියදම් කරන් යන්න එපැයි...

:       22       10

අනුර Friday, 04 March 2022 07:58 PM

දැන් ඔයාලට කාලේ ඇවිත් තියෙනවා. ගෙදර ගිහින් ඔය ලැබෙන විශ්‍රාම වැටුප් හා අනෙකුත් වරප්‍රසාද සමග පිනක් දහමක් කරගෙන වෙන අතක් බැලීමට. වයෝවෘද්ධ හණමිටි අදහස් දරණ දේශපාලකයන්ගෙන් අදට ගැලපෙන රටට හා ඡනතා සුබසිද්ධිය සදහා සැලැස්මක් හෝ යහපතක් කිසි⁣දිනක බලාපොරොත්තු විය නොහැක. අද ලෝකය ඉතාමත්ම දියුණුයි. අපට වඩා ආර්ථික අතින් ඉතා පහළින් සිටි අසල්වැසි බංග්ලාදේශය අද අපට වඩා ආර්ථික අතින් බොහෝ ඉදිරියෙනි... ⁣මෙවැනි දේශපාලකයින්ට ඒ බව පවා තේරුම් ගත නොහැකිය. මෙවැනි ආත්මාර්ථකාමීන්ගෙන් රටට බලාපොරොත්තු විය හැක්කේ තමන් සරණං ගච්ඡාමි! පමණයි.

:       7       6

Sriland Friday, 04 March 2022 09:31 PM

බණ කියන්න විතරයි දන්නේ... මුළු රටම විනාශ කළේ මෙයාලාම තමයි.

:       7       8

Rohana Friday, 04 March 2022 10:47 PM

මේ රටේ පාලකයින් රටට වැඩ කරන්නේ නෑ. එහෙම රටට වැඩකළානම් අද වනවිට රටේ මෙහෙම ආර්ථික අර්බුදයක් ඇතිවන්න විදියක් නෑ. රට දවසින් දවස යන්නේ වලපල්ලටමයි.

:       0       2

chandima Saturday, 05 March 2022 12:44 AM

පාර්ලිමේන්තුවේ ඉන්නේෙ... පේන බලන්න ගියා නම් කෝටිපතියෙක් වෙන්න තිබුණා. පොල් මලකුයි, දුම්මල කබලකුයි අපි දෙන්නම්...!

:       2       1

Prabha Saturday, 05 March 2022 01:23 AM

ඔය කියන දේවල් අපිට වැඩක් නෑ. ජනපති උන්නැහේගේ මස්සිනා කියන විදිහට යුද්ධයෙන් අපට ගජවාසි කියලා තමයි අපි හිතෙන්නේ...

:       0       1

Ajith Saturday, 05 March 2022 08:32 AM

ඇත්තටම අපේ රටේ බහුතරයකට දුරදිග හිතන්න, සාපේක්ෂව හිතලා හොඳ දේශපාලන නායකත්වයක් තෝරා ගන්න තරම් බුද්ධියක් නෑ... නිකම් කන්න දෙනවා කීවාම ඒ වෙලාවට ජනප්‍රිය මිනිහාට ඡන්දෙ දීලා පහුවදා ඉඳලා එයාට බනින්න පටන් ගන්නවා.. මැදිහත්ව හිතුවොත් මෙතුමාට කිසිදිනක එතුමාගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න තරම් අවශ්‍ය දේශපාලන බලයක් ලැබුනේ නෑ...

:       0       2

Chandima Saturday, 05 March 2022 08:43 AM

ආණ්ඩුවට පාර වරදන්න හිතාගෙන ගුලියක් අඹරනවා නෙමෙයි නේද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1398 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 516 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site