IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා හෙට දිවයිනට

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයක් මත රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා  ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා  දින පහක සංචාරයක් සඳහා හෙට (3) මෙරටට පැමිණීමට නියමිතය.

ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු සහ ඔලෙග් සලියුකොව් මහත්මියද මෙම සංචාරයට එක්වන්නීය.

මෙම සංචාරයේදී ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා ඇතුළු රුසියානු නිලධාරීන් පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් මුණ ගැසීමට නියමිතය.

ඊට අමතරව ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා ඇතුළු පිරිස ජයවර්ධනපුර යුද හමුදා ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීමට, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය නිරීක්ෂණය ආදී කටයුතුවලට ද එක්වනු ඇත.

ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතාට 72 නිදහස් දින උත්සවයේ විශේෂ අමුත්තකු ලෙස සහභාගී වීමට ද අවස්ථාව සලසා ඇතැයි යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

055

 



අදහස් (4)

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා හෙට දිවයිනට

නන්නාදුනන හාදයා Monday, 03 February 2020 01:05 AM

මෙතුමා ආපුබව දැනගත්තහම ට්‍රම්ප් තරහා වෙනවා.

:       25       54

Bamunuarachchi Monday, 03 February 2020 03:15 AM

අනේ පව් ෆොන්සේකා...

:       29       4

Bamunuarachchi Monday, 03 February 2020 07:31 AM

රුසියානු ජාතික මුහුණක් දකින්නත් ආසයි. මතකද 1956 ප්‍රථම ඔබලාගේ නැවකට වතුර ගන්නවත් කොළඹ වරායට එන්න ඉඩ දුන්නේ නැතිබව. දැන් ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ඒවා දන්නේ නැත.

:       56       0

BamunuarachchiTuesday, 04 February 2020 03:30 AM

ඩිස්ලයික් දාලා තිබෙන්නේ මම කීව අර කොල්ලෝ කුරුට්ටන් තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 227 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2084 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site