යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයක් මත රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා දින පහක සංචාරයක් සඳහා හෙට (3) මෙරටට පැමිණීමට නියමිතය.
ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු සහ ඔලෙග් සලියුකොව් මහත්මියද මෙම සංචාරයට එක්වන්නීය.
මෙම සංචාරයේදී ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා ඇතුළු රුසියානු නිලධාරීන් පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් මුණ ගැසීමට නියමිතය.
ඊට අමතරව ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා ඇතුළු පිරිස ජයවර්ධනපුර යුද හමුදා ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීමට, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය නිරීක්ෂණය ආදී කටයුතුවලට ද එක්වනු ඇත.
ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතාට 72 නිදහස් දින උත්සවයේ විශේෂ අමුත්තකු ලෙස සහභාගී වීමට ද අවස්ථාව සලසා ඇතැයි යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
055
2025 දෙසැම්බර් මස 18
218
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
170
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා හෙට දිවයිනට
නන්නාදුනන හාදයා Monday, 03 February 2020 01:05 AM
මෙතුමා ආපුබව දැනගත්තහම ට්‍රම්ප් තරහා වෙනවා.
Bamunuarachchi Monday, 03 February 2020 03:15 AM
අනේ පව් ෆොන්සේකා...
Bamunuarachchi Monday, 03 February 2020 07:31 AM
රුසියානු ජාතික මුහුණක් දකින්නත් ආසයි. මතකද 1956 ප්‍රථම ඔබලාගේ නැවකට වතුර ගන්නවත් කොළඹ වරායට එන්න ඉඩ දුන්නේ නැතිබව. දැන් ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ඒවා දන්නේ නැත.
BamunuarachchiTuesday, 04 February 2020 03:30 AM
ඩිස්ලයික් දාලා තිබෙන්නේ මම කීව අර කොල්ලෝ කුරුට්ටන් තමයි...