(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවේ රසායනික පොහොර තහනම් කිරීමෙි තීන්දුව නිවැරදි විද්‍යාත්මක ක්‍රමයකට ගත් එකක් නොව "කටින්" සහ "ඇඟෙන්" පමණක් ගත් තීන්දුවක් යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"අප ශීත කාමරවල සිට කෘෂිකර්මාන්තය ගැන කතා කරනවා. නමුත් ගොවි ජනතාව ජීවත් වීම පිළිබඳව අභියෝග වලට මුහුණ දෙමින් ජීවිතය උගසට තබා සිටිනවා.

විනෝදාංශයට වගා කරන අයට මේවා ප්‍රශ්න නොවේ .හැබැයි ගොවි ජනතාව එසේ නොවේ.මෙය සද්දෙන් හෝ මස්පිඬු වලින් ගත යුතු තීරණයක් නොවේ යනුවෙන් ද පොහොර ප්‍රශ්නය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා කීය.

ඉන්දියාවෙන් ගෙනා නැනෝ නයිට්‍රජන් පොහොර යනු අතිරේක ආහාරයක් වැනි පොහොරක් බවද අනුර දිසානායක මහතා පැවසීය.