(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ගෙන්වීමට කතානායකවරයා එකඟ වුවත් ඔහු අද මැතිසබයට ගෙන්වා නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (4 ) චෝදනා කළේය .
බදුර්දීන් මහතා මේ සභාවට ගෙන්වීමට කතානායකවරයාගේ අත්සන අවශ්‍ය බව අදාළ අංශ දැනුම් දී ඇති හෙයින් එම අත්සන වහාම ලබාදී ඔහු ගෙන්වීමට කටයුතු කරන්නැයි ද කිරිඇල්ල මහතා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය .
තමා මේ සම්බන්ධයෙන් කතානායකවරයාට චෝදනා නොකරන බවත් රිෂාඩ් බදුර්දීන් මහතා මැතිසබයට ගෙන්වීමට ඔහු පක්ෂ නායක රැස්වීමේදී දෙවරක් නොසිතා එකඟ වූ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය .
මෙහිදී අදහස් දැක්වූ කතානායකවරයා තමා ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන බව දැන්වීය .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘‘රිෂාඩ් මැතිසබයට ගෙනත් නෑ‘‘
සනත් ඉතාලිය Tuesday, 04 May 2021 07:42 AM
අනේ කතානායක තුමෝ ඉක්මනට ඔය අත්සන ගහන්නකො. එයාට පාස්කු ප්‍රහාරෙ සම්බන්ධ විශේෂ ප්‍රකශයක් කරන්න තියනවලු ඒකයි පාර්ලිමේන්තුව ට එන්න අවසර ඉල්ලන්නෙ.