(සුජිත් හේවාජුලිගේ)
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ කොළඹ පිහිටි නිවෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද පරීක්ෂාවට ලක් කළ බව රජයේ රස පරීක්ෂිකා ගෞරි රාමණා මහත්මිය පැවසුවාය.
එම නිවසේ ස්ථාන ගණනාවක් මෙහිදී දැඩි පරීක්ෂාවට ලක් කෙරුණු බවද ඇය සඳහන් කළාය.
මෙසේ පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථාන අතර මියගිය මෙහෙකාර තරුණිය සිටි කාමරයද වෙයි.
මෙහෙකාර තරුණියගේ මරණය සම්බන්ධයෙන් රිශාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු ඥාතීහු කිහිපදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති 2 කට පස්සේ රස පරීක්ෂක එනකොට මකන්න ඕන හරිය මකල ඉවර ඇති. අනේ අපේ කාර්යක්ෂම ආණ්ඩුව?
ගිනි තියාගෙන දවස් දොළහකට පස්සේ තමයි මැරුණෙ. පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේ ඊට පස්සේ. පොල් ගෑවද මන්දා එතකං.
දැන් දරුවා මෙහෙකාර කමට යවපු අම්මා තාත්තා අල්ලලා, ඒ අයට රජකාලේ දඬුවම් වලට අනුව කටයුතු කරන්න. ළමයින්ව විකුණගෙන කන එක නවත්තන්න නීති ඕනෑ. ළමයි ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල අහඹු ඵලයක් විතරක් කියලා හිතන දෙමාපියන්ට දඬුවම් ලැබිය යුතුයි...