(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී 16 හැවිරිදි දැරියක මිය යාම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදර රියාද් බදියුදීන්ගේ සමීප ඥාතියකුගෙන් පැය පහක ප්‍රකාශයක් සටහන් කර ගත් බව  කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

පුත්තලම සහ වැල්ලවත්ත ප්‍රදේශවල පදිංචි  නිශාබ්ඩින් මොහොමඩ් ෆ්සාල් 38 හැවිරිදි ව්‍යාපාරිකයකුගෙන් එලෙස ප්‍රකාශ සටහන්කරගෙන ඇත.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින රියාද් බදියුදීන්ට  රිෂාඩ් බදුර්දීන්ගේ නිවසට ගොස් මාස තුනකට අධික කාලයක් ආහාර රැගෙන ගොස් ඇත්තේ මෙම පුද්ගලයා බවට අනාවරණය වීමෙන් අනතුරුව ඊඑම පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා එසේ ප්‍රකාශ ලබා ගත් බව පොලිස් නිලධාරියා පැවසීය .