(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා වරෙන්තු ලබා ගෙන ඇත්තේ නීතියට පටහැනිව සහ ද්වේෂ සහගත ලෙසින් යැයි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා අද (12) අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහතා මේ බව කීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 52 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව තමන්ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු පස් දෙනෙක් ගොනු කළ රීට් පෙත්සම් පහ අද (12) දෙවැනි දිනයටත් අධිකරණය හමුවේ කැඳවිණි.
එහිදී පෙත්සම්කාර රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කරුණු දක්වමින් මෙසේද කීය.
‘‘මගේ සේවාදායකයාට එරෙහිව ලබා ගෙන ඇති වරෙන්තුව නීතියට පටහැනිය.මෙහිදී බලධාරීන් කටයුතු කර ඇත්තේ ස්වභාව යුක්ත මූලධර්මයට පටහැනියි.මේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත්තේ පක්ෂග්‍රාහීවයි.මගේ සේවාදායකයාට එරෙහිව ක්‍රියාකාර ඇත්තේ ද්වේෂ සහගතවය.
මෙම සිද්ධිය පිළිබඳ සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරිනියක් හැටියට කටයුතු කරන නිසා අගතියක් වන බවට කරුණු දැක්වීමට අවසර ඉල්ලුවත් ඊට කොටුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේ නැහැ.
මෙම බී වාර්තාවේ සැකකරුවන් ගෙන් එක් අයෙකුට පමණක් වරෙන්තු නිකුත් කළේ නැහැ.ඒක අගතිගාමී වැඩක්.මෙහි මුල් නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙනවා.එහිම කොටසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීම වැරදියි.මෙය හිතාමතා කළ දෙයක්.බැදුම්කර වාර්තාවේ මෙම බැදුම්කර වෙන්දේසි දෙකම පිළිබඳව සඳහන් වෙනවා.ඒ අනුව ඒ දෙකම එකම කරුණක්.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා -
පළමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී පසුව මෙහාට කරුණු දැක්විය යුතුයි.
ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා -
එහෙම කළොත් අත්අඩංගුවට ගන්නවානේ බී වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (2) වගන්තිය අනුවයි.එහෙත් වරෙන්තුව නිකුත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 139 වගන්තිය යටතේයි.එය වැරදියි.අනික් අතට මගේ සේවාදායකයාට එරෙහිව කිසිඳු චෝදනාවක් බැදුම්කර වාර්තාවේ සඳහන් වී නැහැ.මෙම සිදුවීම මාලාව සිදුවන්නේ රටෙහි ජනාධිපතිවරයා තෝරා ගෙන පසුදින කිහිපයකදියි.
ඉන්පසු තුන්වැනි සහ හතරවැනි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා මෙසේද කීය.
‘‘නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා මාගේ සේවාදායකයින්ට අදාළ නැහැ.මගේ සේවාදායකයින්ට නගා ඇති චෝදනා වන්නේ ආධාර අනුබල දීමයි.මගේ සේවාදායක ඉන්දික සමන් කුමාර , වරලත් මූල්‍ය විශ්ලේෂකයෙක්.ඔහු අර්ථ සාධක අරමුදල සමඟ කටයුතු කරන්නේ ද්විතීයක වෙළඳපොල ගැණුම්කරුවෙකු හැටියටයි.
ඒ සෑම ගනුදෙනුවක්ම ඔහුගේ ප‍්‍රධානියා අනුමත කරනු ලබනවා.ඔහු ප‍්‍රාථමික වෙළඳ පොළ සම්බන්ධයෙන් කිසිඳු සම්බන්ධයක් නැහැ.ඒ අනුව ඔහුට චෝදනා ඉදිරිපත් කිරීම වැරදියි.මගේ අනෙක් සේවාදායකයාට ඇත්තේ දුරකතන ඇමතුම් ලබා ගැනීම පමණයි.ඒ අනුව මගේ සේවාදායකයින් දෙදෙනාම නිර්දෝෂී යැයිද හෙතෙම කීය.
පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය තෙවැනි දිනටත් හෙට (13) පැවැත්වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 52 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව තමන්ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් , මහ බැංකු වේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පද්මනාදන් , බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර සහ චිත්ත රංජන් හුළුගල්ල නැමැත්තන් මෙම රීට් පෙත්සම් පහ ගොනු කළහ.
නීතිඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා නීතිඥ සමාගම ගොනු කර ඇති මෙම රීට් පෙත්සම් හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.අම්පාවිල, වැඩබලන පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න , කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා යන අය නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2016 වසරේ සිදුවූ බැදුම්කර වෙන්දේසි දෙකක් තුළින් රජයට රුපියල් බිලියන 52 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් භාරගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා 6 වැනිදා වරෙන්තු නිකුත් කළ බවයි.
මෙම වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරයා සිදුකර තිබෙන්නේ ස්වභාවික යුක්තිය නැමැති නීතිමය මූලධර්මයට පටහැනි බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් පෙන්වා දෙති.
එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලිසිය ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවී කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස්ද බලරහිත කරන ලෙස පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
එසේම මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම් වලින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රීට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරැ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු පිරිස සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාෆා , නවීන් මාරපන , ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.
2016 වසරේ මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 52 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල 11 අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් සිකුරාදා කොළඹ කොටුව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබුණි.
COMMENTS
මේ මොන විකාරයක්ද ? එතකොට ලොකු කුඩා සියලු මුදල් වංචාකාරයෝ අත්අඩංගුවට ගන්න ඉස්සරවෙලා අධිකරණයේ අවසර ගන්න ඕනෙද ? මේවා ඔක්කොම බොරු රංගන , මේවා ඇහුවහම මට ගෝඨාභය මහත්මයා ගැනත් තිබුන විශ්වාසය බිඳ වැටුනා.
රවී උච්චයි.. ආණ්ඩුව නීචයි.. ජනතාව කුජීතයි.
රවී ඇතුළු චෝදනා එල්ල වී ඇති කවුරුත්ම වැරදි නැහැ. මේ රටේ දුප්පත් මිනිස්සු තමා වැරදි. අනේ ඔයාලගේ නීති, තර්ක.......ලැජ්ජයි හොරු වෙනුවෙන් පෙනී ඉන්න ඔයාලා ගැන. හොඳට මතක තියාගන්න ස්වභාව ධර්මයෙන් ඔය හැමෝටම කවදාහරි හොඳට සළකන බව.....එදාට තමන්ට තමන් විතරයි. එතකන් හොඳට නට නට ඉන්න.
හුරේ...සත්ගුණවත් අපේ තක්කඩි ග්‍රහයා නිදහස්. කාටද ආඩම්බර ? සියලු බදු ගෙවන අහිංසක පුරවැසියන් අවසානයේ පරාදවනු නියතය. තක්කඩි සුනඛයින්ට අපගේ මාතෘ භූමිය තව තවත් විනාශ කිරීමට මෙම බුරුවන්ට මෙමගින් නැවත අවස්ථාව ලබාදෙයි.
රට කාපු හොරු රකින්න කතන්දර හදන හැටි මහජන මුදල් අවභාවිතා කරපු අයට අාත්ම ගණනක් කඹුරන්න වෙනවා..
හොරකම් කරේ නීතියට අනුවද ?
ඉතින් එහෙමනම් ඇයි බයේ හැන්ගෙන්නේ.
වරෙන්තු අරන් තියෙන්නේ නීතිපතිද පොලිසියද? මම දන්නා විදිහට වරෙන්තු අරන් වරෙන්තුකාරයන්ව අත්අඩංගුවට ගන්න යන්නේ පොලිසිය මිසක් නීතිපතිවත් නීතිපති දෙපාර්තමේන්තුවේ අයවත් නෙවිනේ. මේ මොකද්ද මේ හතර බීරි කතාව?
නීතිපති යනු රජයට උපදෙස් දෙන්න ඉන්නා ඉහලම නීති නිලධාරියා. එයත් නිතිය හරියට දන්නේ නැතිලු. වැටත් නියරත් ගොයමත් කාදමයි නම් කාට පැවසම් මේ අවනඩුව.
ආහ්හ් .. මම නම් හිතුවා ඒක එහෙම වෙයි කියලා. මොකද මේ අපේ නීතීඥවරු බබාලනේ. එයාලට හරියට නඩුවක් ගොනු කරන්න වත් දන්නේ නැහැ කියලා පහුගිය කාලේ ගොඩක් ඔප්පු කරලා පෙන්නුවනේ.
වැටත් නියරත් ගොයම් කා නම් ! කාට පවසම් ඒ අමාරුව ?
මේක ඉන්න හිතෙන රටක්ද ? පොඩි හොරකමක් කරානම් උපරිම දඩුවම් ලැබෙනවා. මහ හොරුන්ට වෙනත් විදියක් ඒ අය බේරගන්නම තමා බොරු තර්ක ගේන්නේ. මේ හොරු ටික රටට කරපු මහා අපරාධයට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදේවී.