






(මනුල වික්‍රම)
අනුරාධපුර, රුවන්වැලි මහ සෑයෙහි චූඩාමාණික්‍ය සහිත ස්වර්ණාලේපිත කොත් වහන්සේ අද (26)පෙරවරුවේදී මඟුල්බෙර සක්හඬ මධ්‍යයේ සුබ මොහොතින් විවෘත කෙරිණි.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමි, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස හිමි හා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ කොත්වහන්සේ නිරාවරණය කළහ.
මෙම අවස්ථාවේදී ගුවනින් සුදු මල් ද ඉසින ලදී.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමි, කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි , අස්ගිරි පාර්ශවයේ අනුනායක දිවුල් කුඹුරේ සිරිධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමි සහ ආනමඩුවේ ධම්මදස්සී හිමි ඇතුළු මහ සඟරුවනද, දහස් සංඛ්‍යාත බැතිමත්හුද එම අවස්ථාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම උතුම් අවස්ථාවේ සංඝයා වහන්සේලාම මුල්වෙලා විවෘත කළ එක හොඳයි.!! එම සඟරුවන දේශපාලකයින්ට වඩා සුදුසුයි. තෙරුවන් සරණයි !!
සියලුම ශ්‍රි ලංකා වාසීන්ට මෙවැනි පිංකමක් දැක බලා නමස්කාර කිරීමට ලැබීම මහත් වාසනාවකි. විශේෂයෙන් අනුරාධපුර වාසී අපි පිං ඇත්තෝ වෙමු. වාසනාවන්තයෝය. බලා ගැනීමට නොහැකි වුවෝද අප ලබාගත් පිං අනුමෝදන් වෙත්වා. සාදු! සාදු! සාදු!
උතුම් ස්වර්ණමාලී සෑ රදුන්ගේ ආනුභාවයෙන් මගේ රටටත් සමස්ථ ලාංකිකයන්ටත් හොඳ හොඳ ලෙසටත් නරක නරක ලෙසටත් මැනවින් අවබෝධ වන වාසනාවන්ත කාලයක් උදාවේවා !
සාදු..! සාදු..!! සාදු..!!!