(ඩයනා උදයංගනී)
රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව විදේශීය සමාගමකට ලබාදෙමින් පසුගිය රජය සමයේ අත්සන් කර තිබූ ගිවිසුම අවලංගු කර එම කොන්ත්‍රාත්තුව දේශීය සමාගම්වලට ලබාදීමට රජය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය, රත්නපුර, පැල්මඩුල්ල සම්බන්ධ කරමින් කිලෝමීටර 76කින් ඉදිකෙරෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව එක් කොන්ත්‍රාත්කරුවකුට කිලෝමීටර 6ක් 10ක් අතර වශයෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් 10කට පමණ භාරදීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සඳහා අවශ්‍ය මුදල් ද විදේශ අරමුදල්වලින් තොරව දේශීය අරමුදල් මගින් සපයාගැනීමට තීරණය කර තිබෙන බව ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
මේ සඳහා මාර්ග, මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
COMMENTS
දවසින් දවස හොඳ නිව්ස් දකින්න ලැබෙනවා.. මේ ඔක්කොම ඡන්ද පොරොන්දු නොවී ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා. ජනාධිපති ගැන රටේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඔහු මේ රට ගොඩ ගනීවි කියලා.. අපි විශ්වාසයෙන් යුතුව බලාගෙන ඉඳිමු..
හොඳ පියවරක් ජනපතිතුමා.. හැබැයි මහින්ද ඕක කරන්න දේවිද කියන එක නම් සැකයි. එයාට ඕන පිට්ටනි හදන්නයි.. චීන්නුන්ට හැම එකම දෙන්නයිනේ...
ඡන්දෙ කිට්ටු වෙනකොට මේ වගෙ සුරංගනා කතා කොතෙකුත් අහන්න ලැබෙනවා. බලයට ආවට පස්සේ සිද්ද වෙන දේවල් ගැනත් අපි නොදන්නවා නෙවෙයි. ආසියාවේ ආශ්චර්යය..?
හොද තීරණයක්. මේක යහපාලන රජය දුන් ආදර්ශයක්. මාධ්‍ය අධිවේගය දෙශීය කොන්ත්‍රාත්කරුවන් ට ලබාදුන්න ලංකාවේ පළමුවරට.
ධනය ද්‍රවශීලතා තත්ත්වය හේතුවෙන් මෙගා ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙය කාලය නොවේ. එය අවලංගු කිරීමට මම නොකියමි. නමුත් තත්වය යහපත් වන තුරු එය නවත්වන්න.
මේකට සෙට්වෙලා ඉන්න අය ඕක හැදුවොත් නියමෙට තියෙයි. අර බෙලිඅත්තේ ගිලාබහින දුම්රිය මාර්ගය වගෙයි.
නියමයි..!!! ක්‍රීඩාංගණ කොන්තරාත්තුව ඉවරයි. නමුත් සල්ලි ගරන්න තවත් ක්‍රමයක් පාදගෙන වගෙයි...
ග්‍රවුන්ඩ් එකේ ඇරියස් මේකෙන් අල්ලනවා එහෙම නොවේ..