(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතු`ථ විත්තිකරුවන් 08 දෙනාට ඇප නියම කරමින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීරණයට එරෙහිව නීතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19) අභියාචනයක් ඉදිරිපත් කළේය.
විත්තිකරුවන්ට ඇප නියම කරමින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීරණය දෝෂ සහිත බවත් එය නීතීයට පටහැනි බවත් සඳහන් කරමින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට ඇප නියම කරමින් දුන් තීරණය බල රහිත කරන්නැයි නීතීපතිවරයා සිය ඇපෑල මඟින් ඉල්ලීමක් කොට ඇත.
COMMENTS