(නිමන්ති රණසිංහ)
බැඳුම්කර පිළිබද ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතාගේ දියණීය වූ ඔනෙලා කරුණානායක මෙනෙවියට ලබන 12 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (9) නියෝග කළාය.
එසේම, වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් පෞද්ගලික සමාගම අතර ප‍්‍රශ්න ගත කාලසීමාව තුළදී කවරාකාරයෙන් හෝ සෘජු හෝ වක‍්‍ර මුදල් හෝ මූල්‍යමය වටිනාකමක් ආදේශ කළ හැකි ගනුදෙනුවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව එම සමාගම්වල ප‍්‍රධාන මූල්‍ය නිලධාරී සහ ප‍්‍රධාන විගණක විසින් සහතික කරන ලද ප‍්‍රකාශයන් සහ ඊට අනුරූප මුල් ලේඛනවල සත්‍ය බවට සහතික කළ පිටපත් ද සහිතව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මෙහිදී අධිකරණය නියෝග කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රවීගේ දියණියට 12 වැනි දා උසාවි එන්නැයි නියෝග
Hafeel Friday, 09 November 2018 03:17 PM
මෙයාටත් තාත්තට වගේ මතක නැතුවද කියලා එදාට තමයි බලන්න වෙන්නේ.
BamunuarachchiFriday, 09 November 2018 11:38 PM
මෙයාට උපන්දින තෑග්ගකට වරායේ පුද්ගලික ගුදමක් ලැබුණා...
bandara kuwait Saturday, 10 November 2018 04:03 AM
හොරකම් නිසා පක්ෂයත් විනාශ වුණු ළමයින්ට පාරේ බැහැලා යන්න බැරි විදිහක්... අසාධාරණ මුදල් කොතරම් විපතක් ගෙනදෙනවාද?