(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී අද (2) සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් පිරිත් පින්කමකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු තිදෙනකු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හල්දුම්මුල්ල පොලීසිය කියයි.
කොළඹ සිට හපුතලේ දෙසට සිමෙන්ති පටවාගෙන පැමිණි ලොරියක ත්‍රි රෝද රථය ගැටී මෙම අනතුර සිදුවී ඇත.
ත්‍රිරෝද රථය පෙරළීවිත් ලොරියේ වැදී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රෝද රථයේ ගමන්ගත් හාල්අටුතැන්න ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති කළුපහන සීලානන්ද සහ වෙහෙරගොඩ විහාරස්ථානයේ පඤ්ඤාවංස යන හිමිවරුන් දෙදෙනාය. රියැදුරු ද තුවාල ලබා තිබේ.
ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
හල්දුම්මුල්ල පොලිසිය පරීක්ෂණ පැවැත්වේ.


COMMENTS
අද ඇතැම් භික්ෂූන් වහන්සේලා තම ආකල්ප ප්‍රවර්ධනය කොට සමාජයේ බෞද්ධ සදාචාරය ඉස්මතු කරවීමට වඩා සිමෙන්ති වැලි කලු ගල් යොදා විහාරස්ථාන ගොඩනැංවීමට දරන වෙහෙස අනුව උන් වහන්සේලා කෙරෙන් ප්‍රතිරූපය ඉක්මවා නිශ්ඵල ශාන්ති කර්ම වලට භික්ෂූන් ගේ දායකත්වය හිමි වීමද බුදු සසුනේ පරිහානියට මුල් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය බමුණුගමශාන්ත විමල හිමියෝ පෙන්වා දෙති.
නිලන්ත මහත්තයෝ, ඔය කියවන "කැලුම්", ධර්මය හොඳට දන්නා කෙනෙක්... ඔහු අයත් වෙන්නේ, වසලයන් ගොඩටද කියලා කියන්නකෝ..?
අනං මනං කතානැතුව මේ අවස්ථාවේ අපි හැමෝම අනතුරට පත්වූවන්ට ඉක්මන් සුවය පතමු...
අර ..කන්දේ ... දත්ත ඉන්නවද ඔතන?