IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රියදුරු-කොන්දොස්තර නැතිව වෙන කෙනෙක් ඇල්පිටියේ බසයක් පදවාගෙන ගිහින්

(ජේ.කේ.එල්.චාමින්ද පිටිගල ඩි.ජේ.විජේසිංහ)
 
ඇල්පිටිය  බස් නැවතුම්පොලෙහි  නවත්වා තිබු  ලංගම බසයකට නැගි  නාඳුනන  පුද්ගලයකු  බසයේ කොන්දොස්තර හා රියදුරු බසයේ නොමැති අවස්ථාවේදී  බසය ධාවන කර රැගෙන යමින්  සිටියදී ඇල්පිටිය බටුහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
 
උඩුගම ඩිපෝවට අයත් මෙම ලංගම බස් රථය මීගමුව බලා යාමට උඩුගම ඩිපෝවෙන් පිටත්ව තිබේ. අනතුරුව  ඇල්පිටිය බස්නැවතුම් පොළේ  බසය නතරකර රියදුරු හා කොන්දොස්තරවරයා බසයෙන් බැස ගිය අවස්ථාවේදී බසයට නැගුණු මෙම පුද්ගලයා මගීන්ද සිටියදී  බසය රැගෙන ගොස්  ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 එම පුද්ගලයා  බසය කිලෝමිටර්යක් පමණ ධාවනය කරගෙන ගොස් ඇති අතර ,  බසයේ රියදුරු හා කොන්දොස්තරවරයා  ත්‍රී රෝද රථයකින් බසය පසුපස ගොස්  බසය නවත්වාගෙන   බසය රැගෙන ගිය පුද්ගලයා ඇල්පිටිය පොලිසියට භාරදී ඇත.

 ඔහු මෙවැනි ක්‍රියාවක් සිදු කළේ ඇයි දැයි යන්න පිළිබඳව නිසි තොරතුරක් නොමැති අතර ඔහු මානසික රෝගයකින් පෙළෙන අයකුද යන්න පරීක්ෂා කෙරන බවත්  සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලිසිය පවසයි. 
 



අදහස් (12)

රියදුරු-කොන්දොස්තර නැතිව වෙන කෙනෙක් ඇල්පිටියේ බසයක් පදවාගෙන ගිහින්

sirimal Wednesday, 13 March 2019 04:37 PM

වාහනයේ යතුරු තියලද රියදුරා එලියට වෙලා ඉඳල තියෙන්නේ?

:       1       123

wije Wednesday, 13 March 2019 05:01 PM

රියදුරා බසයෙන් බැස ගියේ එන්ජිම ක්‍රියාවිරහිත කරලා යතුර අරගන්නේ නැතුවද.

:       2       168

Mahee Thursday, 14 March 2019 12:06 AM

මානසික රෝගියෙක් වෙන්න ඇති. ආණ්ඩුවක් පදවාගෙන යන්න මානසික රෝගීන්ට පුළුවන් නම් බස් එකක් පදවාගෙන යන එකත් වැඩක්ද?

:       1       1155

smn Thursday, 14 March 2019 01:46 AM

ඔහු මානසික රෝගියකු බවට සැක නැත. කෙසේ වෙතත් යතුර වාහනයේම තබා ගිය රියැදුරු වැරදිකරු වෙයි.

:       1       73

sam Thursday, 14 March 2019 02:25 AM

ලංකාවේ බහුතරයක් බස් නවත්වලා තියෙද්දිත් එන්ජිම පණ ගන්වලා තියන එක පුරුද්දක්. ඒක කොච්චර පරිසරයට, වෙනත් බස් එකක් එනකල් ඒ අවට ඉන්න අයට කොච්චර හොඳද කියලා හොයන්න වෙනවා. බස් එකක් නවත්වලා තියෙද්දී එන්ජින් දහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය බස් එක දුවන කොට පිටවන ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියි .

:       0       205

සාරුක්කලිගේ වරිඳු Thursday, 14 March 2019 02:42 AM

ලංගම බස් බොහොමයක් පණ ගැන්වීම සඳහා යතුරු අවශ්‍ය නැත. බොත්තමක් තද කිරීමෙන් බොහොමයක් බස් පණ ගැන්විය හැක. මේ නිසා ඩිපෝ එකේ වුවද ඕනෑම රියදුරෙකුට ඕනෑම බසයක් පණ ගන්වා එය නවතා තිබෙන ස්ථානයෙන් වෙන තැනකට ගෙන යා හැක.

:       1       104

rizwan Thursday, 14 March 2019 03:16 AM

ඔක්කමට කලින් රියදුරුව අත්අඩංගුවට ගන්න ඕනේ කිසිම පරිස්සමක් වත් වගකීමක් වත් නැතිව බස් රථයේ එන්ජිම ක්‍රියාවිරහිත නොකර යතුරත් බසයේ දමා යාම පිළිබඳව.

:       0       204

raajun Thursday, 14 March 2019 04:12 AM

දෙයියනේ කියල අපේ රටට වෙලා තියෙන්නේ මේකම නේද? සුසුස්සෝ පැත්තකට දාල මානසික ලෙඩ්ඩු ටිකක් රට බලෙන් වංචාවෙන් අල්ලාගෙන පාලනය කරනවා

:       0       1105

උඩත් ලංගප්පුලි Thursday, 14 March 2019 05:54 AM

කොහොමද දන්නේ මේක පණ ගන්වලා තිබුණා කියලා. එන්ජිම නවතලා තිබුනේ නෑ කියලා කියන්නේ කොහොමද?

:       0       1

Minoj Perera Thursday, 14 March 2019 07:01 AM

ෂුවර් එකට හෝල්ට් එකේ පැය ගානක් බස් එක නවත්වා ගෙන ඉන්න ඇති.බැරිම තැන මගියෙක් බස් රථය පදවාගෙන යන්න ඇති.....

:       0       506

සිරිපාල Thursday, 14 March 2019 08:21 AM

වෙන රටවල ඕප දූප අපිට වැඩක් නෑ

:       1       0

සනත් ඉතාලිය Thursday, 14 March 2019 08:47 AM

මනෝජ් ඔබ හරි ඒක තමයි වෙලා තියෙන්නේ

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site