(පී.ශාන්ත බණ්ඩාර සහ නයෝමි දිල්රුක්ෂි)
රඹුක්කන උඩගලදෙණිය ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මරණයට පත්ව ඇත්තේ උඩගලදෙනිය මව සුරංගනි ලක්ෂිකා (36) දුව කසුනි මාරසිංහ( 08) පවුලේ ඥාති දියණිය වන මධුශිකා (13) යන තිදෙනා බව අනාවරණය වී තිබේ.
පියා බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පස් කන්දක් නිවෙස මතට කඩා වැටීමන් මෙම අනතුර සිදුව තිබේ. මේ වන විට රඹුක්කන ඇතුළු ප්‍රදේශවලට දැඩ වර්ෂාවක් ඇද හැළෙමින් පවතින බව ද වර්තා වෙයි.
අධික වර්ෂාවත් සමග මෙම නාය යෑම සිදුව ඇත. යුද හමුදාව සහ සහන කණ්ඩායම් මේ වන විට එම ස්ථානයට ළඟා වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.




COMMENTS
පව් දෙයියනේ! අහිංසක මිනිස්සුන්ට තමයි ඔක්කොම හෙණ.
දළඳා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ අකල් වැස්ස අඩු වේවා
ලංකාවේ ජන ඝනත්වය හොඳටම වැඩියි, එන්න එන්න පර්චස් 10-5 කෑලි වල , කඳු බෑවුම් වල ගෙවල් හදන ඒවා වැඩි වෙනවා. කඳු කර ප්‍රදේශ වල පොඩි බිම් කඩවල ගෙවල් හදනවා කියන්නෙම මේ වගේ අවදානම් වැඩි වෙනවා කියන එක ලංකාවේ පවුලකට සිටියයුතු දරුවන් ප්‍රමාණය සීමා කල යුතුමයි. ලංකාවට ගැලපෙන්නේ මිලියන 10-12 අතර ජනගහනයක් ,නැතිනම් වෙන්නේ කැලා එළිවෙන එක, සහ මෙවැනි ආපදා වලින් විශාල විපත් වලට මුහුණ දෙන්න සිදුවෙන එක. මුළු පාර්ලිමේන්තුවම මේ ගැන තීරණයකට ආයුතුයි !!
ජනතාවගෙ බෙල්ල මිරිකන්න බලාගෙන ඉන්න පාලකයො ඉද්දි රටවල් වලට මෙහෙම විපත් සිද්ද්ද වෙනවා, මියගිය අයට මෙවන් අකල් මරණ මතු සිදු නොවේවා, මේවගේ කෘර පාලකයන් සිටින රටවල නොඉපදේවා