නිදහසින් පසු සිම්බාබ්වේ පළමු නායකයා වූ රොබර්ට් මුගාබේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට 95 වැනි වියේ පසු වූ ඔහු දීර්ඝ කාලයක් බලයේ සිටි නායකයෙකි.

ඔහු අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබා ඇත.

 1980 දී ව්‍යවස්ථා සංශෝධනයකින්  ඔහු ජනාධිපති බවට පත් වී ඇත.

ඔහුගේ දශක 3ක පාලන කාලය අවසන් කරමින් 2017 නොවැම්බරයේදී හමුදා කුමන්ත්‍රණයකින් ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත්විය.


(226)

බීබීසී ඇසුරෙන්