IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රූපවාහිනී සංස්ථාව භාණ්ඩාගාරයෙන් කෝටි 24 ක් ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

 ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා  මාස හයක කාලයකට  රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.

ඉකුත්  පෙබරවාරි මස සිට ලබන ජූලි දක්වා කාලය තුළ සේවක වැටුප් හා  අත්‍යවශ්‍ය  පියවා ගැනීම සඳහා මෙම මුදල ඉල්ලා ඇත.

සංස්ථාවේ ආදායම පහත වැටීම හේතුවෙන් ,එය වැටුප් ගෙවීම හා  අත්‍යවශ වියදම් පියවා  ගැනීමට ප්‍රමාණවත් නොවන බව ද සංස්ථාව මහා භාණ්ඩාගාරයට දැනුම් දී ඇත .

සංස්ථාවේ  ආදායම් සහ වියදම් අතර පරතරය රුපියල් කෝටි හය හමාරක් පමණ වන අතර, ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මාසිකව හිමිවූ රුපියල් කෝටි තුනහමාරක පමණ ආදායම  අහිමි වීම ද ඊට බලපා ඇතැයි  දැනුම් දී ඇත .

රූපවාහිනී සංස්ථාවේ සේවක සංඛ්‍යාව 862 ක් පමණ වන අතර ,ඔවුන්ට වැටුප් ගෙවීමට පමණක් මාසිකව රුපියල් කෝටි නවයක පමණ මුදලක් වැයවන බව ද සංස්ථාව  පෙන්වා දී ඇත .

ජනවාරි මාසයේ සිට  රුපියල් 5000 ක අමතර දීමනාවක් ගෙවීම හේතුවෙන්  මාසිකව තවත් ලක්ෂ 50ක පමණ  අමතර වියදමක් කිරීමට සිදුව ඇතැයි  ද අවස්ථාව දැනුම්  දී ඇත. 



අදහස් (7)

රූපවාහිනී සංස්ථාව භාණ්ඩාගාරයෙන් කෝටි 24 ක් ඉල්ලයි

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 13 March 2022 10:21 PM

ආදායම පහත වැටෙන්නේ,රජයේ වැඩි හොඳහිත දිනාගන්න නැති දේ මාවා කියනවා.ඒ නිසා ප්‍රේක්ෂකයා ඈත්වෙනවා.එවිට දැන්වීම් ආයතන වෙළෙඳ දැන්වීම් දීම අඩුකොට හෝ නවතා දැමීමට කටයුතු කරනවා.රජයේ හොඳ පෙන්වන ගමන් වරදද යම් ප්‍රමාණයකට හෝ පෙන්වනවා නම් ප්‍රේක්ෂක අවධානය යොමු වෙනවා.රජයේ වැරදි අනුකම්පා සහිත (සදය) විවේචනය තුළින් පෙන්වා දෙන්නේ නම් එය රජය යහමග ගෙනයාමට රුකුලක් එසේම එයින් රජය කෙරෙහි ජනතා ප්‍රසාදය ඇතිවෙනවා. මේ ආකාරයට කටයුතු කරන්නේ නම්,මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලන්නට වෙන්නේ නැහැ.රජයේ මුදල් ගෙවා පවත්වා ගතයුතු මේ ආයතන විකුණා දැමීම රටේ යහපතට හේතුවකි.මෙවන් දුෂ්කර කාලයකදී මේ අකාර්යක්ෂම මාධ්‍ය ආයතන සඳහා මුදල් නොගෙවිය යුතුය.

:       0       0

සෙනෙවිරත්න Sunday, 13 March 2022 11:02 PM

ලොතරැයි ඇදීම අයි ටී එන් එකට දුුන්න මිනිහගෙන් ඉල්ල ගන්න. රටේ ජනතාවට දඬ ගහන්න එපා.

:       0       0

හෆීස් Monday, 14 March 2022 12:52 AM

මහජන මුදල් කාබාසිනියා කරන මෙවැනි කිසිම වැඩකට නැති ආයතන වහා වසා දැමිය යුතුයි.. රජයේ රෙදි අපුල්ලන ⁣රෙදි සොදන මැෂිමක් වීමත්, සමාජ පරිහානියට ඍජුව දායක වීමත් හැර මේවායින් මහජනයාට වූ යහපතක් නැත...

:       0       1

chandana Monday, 14 March 2022 07:59 AM

ඔය බොරු කියන එක නවත්තලා මධ්‍යස්ථව කටයුතු කළා නම් මීට වඩා ප්‍රේක්ෂකයෝ ඇදෙනවා. ඒ තුළින් දැන්විම් ආදායම ඉහළ යනවා.

:       1       4

ddd Monday, 14 March 2022 08:46 AM

හොඳම වැඩේ තමයි ඒක සම්පූර්ණයෙන්ම වසාදැමීම...

:       1       5

Rocky Monday, 14 March 2022 12:15 PM

ඕක වහලා දමන්න...! බලන්න තරම් වැදගත් වැඩසටහන් ඕකෙන් ප්‍රචාරය වෙන්නෙත් නැහැ. නිකන් තුට්ටු දෙකේ දේශපාලුවන්ට කත් අදින ආයතනයකින් ජනතාවට ඵලක් නෑ.

:       1       2

kamal Monday, 14 March 2022 12:18 PM

ඕක වහලා දාලා අදම බදු දෙන්න හෝටලයකට...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site