(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට ගෙන ඇති බවට ප‍්‍රකාශිත අති විශේෂ ගැසට් නිවේදනය බලශූන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් දෙක විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) අවසර ලබා දෙන ලදී.
ඒ අනුව ලබන ජුනි 10 වැනිදා මෙම පෙත්සම විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කරන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දැනුම් දුන්නේ පෙත්සම් විභාගයට අවසර ලබා දෙන්නේද නැත්ද පිළිබඳ නියෝගය අද ප‍්‍රකාශයට පත් කරමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ දෙපාර්ශවය විසින් මෙම පෙත්සම් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුවය.
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ ,මුර්දු ප‍්‍රනාන්දු සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ගොනු කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපති නම් කරනු ලැබ ඇත.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
පසුගිය සැප්තැම්බර් 09 වැනි දින 2140/2 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ජාතියේ සමගිය සහ යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යවරයා හැටියට තමන් යටතට පත් කර ගන්නා බව ජනාධිපතිවරයා නිවේදනය කළේය.
19 වැනි සංශෝධනයේ 51 වැනි ප‍්‍රතිපාදනය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇත්තේ ආරක්ෂාව සහ මහවැලි සංවර්ධන හා පරිසර විෂයන් පමණි.
ඒ අනුව මෙම ක‍්‍රියාව ව්‍යවස්ථාවට පටහැනිවේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබිය යුතු විෂයකි.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන , නීතීඥ සුරේන් ප‍්‍රනාන්දු යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.
2025 දෙසැම්බර් මස 04
349
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රූපවාහිනී සංස්ථාව ගැන පෙත්සම් විභාගයට අවසර
suranjith Monday, 04 November 2019 08:04 AM
චන්දෙ ඉවර වෙලා මේක විභාග කරලා වැඩක් තියෙනවද? මෙය මුළු රටේම ජනතාවට බලපාන කරුණක් ලෙස සලකා වහාම විභාග කර අඩු තරමින් මේ මස 15 ට කලින් තීන්දුවක් දුන්නනම් නේද රටේ ජනතාවට සහනයක් වෙන්නේ.
Athula k Monday, 04 November 2019 10:25 AM
අගමැති මහා බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් පවර ගන්නකොට මේගොල්ලෝ නිදියගෙන ඉන්න ඇත්තේ.