IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රූපවාහිනී-ගුවන්විදුලි අවසරපත් වැඩි ප්‍රමාණය නිකුත් කර ඇත්තේ අවිධිමත්වයි

(අජන්ත කුමාර අගලකඩ)

ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පෞද්ගලික රූපවාහිනී නාලිකා අවසරපත්  54ක් සහ ගුවන් විදුලි නාලිකා  අවසරපත් 27ක් ලබාදී ඇතත් මේ වනවිට ක්‍රියාකාරීව පවතින්නේ රූපවාහිනී නාලිකා 28ක් සහ ගුවන් විදුලි  නාලිකා 18ක් පමණක් බව ඒ පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විද්වත් කමිටුව රජයට දැනුම් දී ඇත.

මෙසේ නිකුත් කර ඇති බලපත්‍රවලින් වැඩි ප්‍රමාණයක් තාවකාලිකව අවසරපත් ලෙස නිකුත් කර ඇති බවත්, අවසරපත් සියල්ලම පාහේ නිකුත් කර ඇත්තේ අවිධිමත් ලෙස බවත්, එම කමිටුව පෙන්වා දී ඇත.

 රාජ්‍ය මාධ්‍ය ආයතන පිහිටුවීමට සකස් කරන ලද 1966 අංක 37 දරණ ගුවන් විදුලි සංස්ථා පනත සහ 1982 අංක 6 දරණ රූපවාහිනී සංස්ථා පනත යටතේ, පෞද්ගලික මාධ්‍ය ආයතනවලට විකාශය බලපත්‍ර ලබාදීම එම පනත්වලින් අපේක්ෂිත පරමාර්ථය සමඟ කිසිසේත් නොගැළපෙන බවද, කමිටුව නිරේදේශ කර තිබේ.

එබැවින් පෞද්ගලික රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා අවසරපත්  ලබාදීම සඳහා නව පනත් කෙටුම්පතක් සම්පාදනය කළ යුතු යැයිද කමිටුව නිර්දේශ කර ඇත.



අදහස් (0)

රූපවාහිනී-ගුවන්විදුලි අවසරපත් වැඩි ප්‍රමාණය නිකුත් කර ඇත්තේ අවිධිමත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site