IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රූපවාහිනීය පැවරීමේ ගැසට්ටුව ගැන උපදෙස් ගන්න නීතිපතිට කල්දෙයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට ගෙන ඇති බවට ප‍්‍රකාශිත අති විශේෂ ගැසට් නිවේදනය බලශූන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.

මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , මුර්දු ප‍්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

එහිදී නිතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන ලෙසය.

දෙපාර්ශවයේ කරුණු සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම මේ මස 27 වැනිදා සළකා බැලීම කල් තැබිණි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ ඇත.

විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පසුගිය සැප්තැම්බර් 09 වැනි දින 2140/2 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ජාතියේ සමගිය සහ යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යවරයා හැටියට තමන් යටතට පත් කර ගන්නා බව ජනාධිපතිවරයා නිවේදනය කළේය.

19 වැනි සංශෝධනයේ 51 වැනි ප‍්‍රතිපාදනය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇත්තේ ආරක්ෂාව සහ මහවැලි සංවර්ධන හා පරිසර විෂයන් පමණි.

ඒ අනුව මෙම ක‍්‍රියාව ව්‍යවස්ථාවට පටහැනිවේ.ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබිය යුතු විෂයකි.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

               

 



අදහස් (0)

රූපවාහිනීය පැවරීමේ ගැසට්ටුව ගැන උපදෙස් ගන්න නීතිපතිට කල්දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 268 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site