
(සුජිත් හේවාජුලිගේ )
රූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (6) දහවල් ඉල්ලා අස්විය.
මේ අනුව රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා පත්කිරීමට නියමිතය.
රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් අමතමින් කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය බාරදී ඊයේ(6) දහවල් 12.30ට පමණ රූපවාහිනි සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ ඉහළ නිලතල වෙනස් කිරීමට රජය ගත් තීරණයක් අනුව රූපවාහිනි සංස්ථා සභාපතිවරයාද මාරු කිරීමට නියමිතව තිබිණ.
ඒ අනුව රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් එම මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් පත් කිරීමට කටයුතු යොදා තිබුණු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නමුත් රූපවාහිනි සංස්ථා සභාපති ධූරයෙන් නික්ම යෑමට පෙර සේවකයන් අමතා පවසා ඇත්තේ රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසා ඇත්තේ එවැනි පුටු මාරුවකට තමන්ගේ කිසිම කැමැත්තක් නොමැති බවයි.
COMMENTS
දැන් දියුණුවෙන් දියුණුවට පත්වෙය් වෙයි