IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


රුපියල් ලක්ෂ පහ බැගින් වූ වන්දි මුදල්

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )

2017 වසරේදී අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් නීතියට පටහැනිව තරුණයෙකු අත්අඩංගුවට ගෙන එල්ලා අමානුෂික අන්දමින් පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩී වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ පහ බැගින් වූ වන්දි මුදල් පහර කෑමට ලක්වූ තරුණයාට පෞද්ගලික මුදලින් ගෙවන්නැයි අදාළ පහර දීම සිදු කළ පොලිස් සැරයන්වරයෙකුට හා පොලිස් කොස්තාපල්වරයකුට නියෝග කර ඇත.

මීට අමතරව රුපියල් විසි පන්දහස බැගින් වූ නඩු ගාස්තු අදාළ තරුණයාට ‌ගෙවන ලෙසද අධිකරණය එම නිලධාරීන් දෙදෙනාට නියෝග කෙරිණි.

පොලිස් සැරයන් සිරිසේනගේ ප්‍රියදර්ශන සහ පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම්. නිලන්ත ප්‍රියදර්ශන නැමැත්තන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ගුරුසිංහ ආරච්චිගේ තරිදු ප්‍රියාන් අකලංක නැමැති තරුණයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයන් සිරිසේනගේ ප්‍රියදර්ශන, පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම් .නිලන්ත ප්‍රියදර්ශන ඇතුළු 12 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.

විජිත් මළල්ගොඩ , මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේරාජා මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන් වේ.

''පෙත්සම්කරු 2017 සැප්තැම්බර් 26 වැනි දින සිය නිවසේ නිදි ගෙන සිටියදී පිරිසක් පැමිණි බලහත්කාරයෙන් ඔහු අත්අඩංගුවට ගත්තේය.පසුව එම පිරිස අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් යැයි දැනගන්නට ලැබිණි.පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයකින් රැගෙන යන අතරතුරුද වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අනුකම් විරහිතව පෙත්සම්කරුට පහර දී ඇත. පසුව පෙත්සම්කරුගෙන් යතුරුපැදි සොරකමක් පිළිබදව ප්‍රශ්න කර ඇත.

මෙසේ පහර දීමෙන් අනතුරුව පෙත්සම්කරුගේ දෑත් පසුපසට කොට මාංචු දමන ලදී.ඉන්පසුව වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුව තිසා වැව අසලට රැගෙන ගොස් ඇත.එම ස්ථානයේ තිබූ තේක්ක ගසක එල්ලා පෙත්සම්කරුට අමානුෂිකව පහරදීම් සිදු කර තිබේ.

මෙම අමානුෂික පහර දීම් හේතුවෙන් පෙත්සම්කාර තරුණයා මානසිකව හා කායික වශයෙන් දැඩි පීඩාවට පත් වූයේය.පහරදීමෙන් පසුදින වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම්කරුව ඔහුගේ දෙමව්පියන්ට බාර දී තිබේ.

ඉන්පසුව පෙත්සම්කරු අනුරාධපුරා රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාරද ලබා ගෙන ඇත්තේය.පෙත්සම්කරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිලි කළේය.

මෙම පෙත්සමට උත්තර බදිමින්  වගඋත්තරකාර පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල් වරයා අධිකරණය හමුවේ කියා සිටියේ  එන්.එන්.විතානගේ නැමැත්තෙකු විසින් ඔහුගේ යතුරු පැදි සොරකමක් සම්බන්ධයෙන් උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පතිට සිදු කළ පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශන වලින් ජයමිණි දුල්ෂාන් නැමැත්තා අත්අඩංගුවට ගත් බවත් , එම තැනැත්තා‌ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බවත්ය.

එසේම පෙත්සම්කරු තම අත්අඩංගුවෙන් පැන යාම උත්සාහ ගැනීමේදී ඔශු පාලනය කිරීම සදහා ඔහු දෑත් පසුපසට කර මාංචු දැමූ බවත් , පෙත්සම්කරු කේරළ ගංජා පානය ඇබ්බැහි වූවෙකි බව ද වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කියා ඇත.

කෙසේ නමුත් වගඋත්තරකරුවන් සිය උත්තර බැදීමේදී පෙත්සම්කරුගේ බෙල්ලට , අතට සහ ඉහළ බාහුවට තුවාල සිදු වූ ආකාරයට පැහැදිලි කිරීමට අපොහොසත් වී ඇත.කෙසේ නමුත් වෛද්‍ය වාර්තා අනුව පෙත්සම්කරුව දෙපා වලීන් සෑහෙන කාලයක් එල්ලා පහර දී ඇති බව ඔප්පු වේ.ඒ අනුව ඉහත තුවාල සිදු වි ඇති බව පැහැදිලිය.

එබැවින් පොලිස් සැරයන් සිරිසේනගේ ප්‍රියදර්ශන , පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම් .නිලන්ත ප්‍රියදර්ශන යන වගඋත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තියෙන් ප්‍රකාශීත පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවත් , ඔහුව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් හා රදවා තබා ගැනීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තියද උල්ලංඝනය කර ඇති බව අධිකරනයේ මතයයි.

ඒ අනුව පහර කෑමට ලක්වූ තරුණයාට රුපියල් ලක්ෂ පහ බැගින් වූ වන්දි මුදල් පෞද්ගලික මුදලින් ගෙවන්නැයි අදාළ පහර දීම සිදු කළ පොලිස් සැරයන්වරයාට හා පොලිස් කොස්තාපල්වරයාට නියෝග කර ඇත.



අදහස් (0)

රුපියල් ලක්ෂ පහ බැගින් වූ වන්දි මුදල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1378 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site