(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (2) රුපියල් 1 ශත 50කින් ඉහළ ගියේය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය අඟහරුවාදා (30) වැනිදා සිට නොවැම්බර් (1) වැනිදා දක්වා දිනක් තුනක් අඛණ්ඩව අවප්‍රමාණය විය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (2) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 175.82ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල 171.93ක් ලෙස සටහන් වී තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (1) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 177 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා රුපියල එතරම් පහළ අගයට වැටුණු පළමු අවස්ථාව එය විය.
ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් අලෙවි කළ බැවින් මෙලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගිය රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන අර්බුදය විසඳීමට කටයුතු කරන බව කීවද විදෙස් ආයෝජකයන් වෙළෙඳපොළවලින් ඉවත් වන ස්වභාවයක් දක්නට තිබූ බව ද රොයිටර් පුවත් වාර්තාවේ දැක්විණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ පසුගිය සිකුරාදා (26) සිට ගත වූ සතියක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.5කින් අවප්‍රමාණය වී ඇතැයි ද රොයිටර් පුවත් සේවය තවදුරටත් වාර්තා කර තිබිණි.
ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 11.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය ආර්ථිකය කෙරෙහි ඍණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි එම අහිතකර තත්ත්වය මේ වනවිට සෙමින් වර්ධනය වෙමින් තිබෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘මූඩිස්’ ආයතනය පෙන්වාදෙයි.
මේ අතර ‘රිෆිනිටිව් ඉකෝන්’ දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට එහි අගයෙන් සියයට 4.7ක් අහිමි වී තිබෙන අතර ශ්‍රී ලංකා රුපියල ඔක්තෝබර් මාසයේදී සියයට 2.4කින් දුර්වල වී ඇත. එම දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වසරේ ගතවූ කාලයේදී සියයට 12.8කින් අවප්‍රමාණය වී ඇත. ‘රිෆිනිටිව් ඉකෝන්’
යනු ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂණය කරන සහ ජාත්‍යන්තර මූල්‍ය දත්ත සපයන ආයතනයකි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රුපියල යන්තමින් ඉහළ යයි
DD Friday, 02 November 2018 10:46 AM
පෙනේද වෙනස?
chathuri Friday, 02 November 2018 01:21 PM
බඩුමිල අහස උසට. මුදල් අලුතින් අච්චු ගසයි. විදේශීය නායකයින් දුරස් වෙයි. මේ එක්වීමෙන් රට ඉතියෝපියාව වෙයි. මිනිස්සු කබලෙන් ලිපට වැටෙයි
Kamal Friday, 02 November 2018 03:26 PM
මේ රුපියල් ශක්තිමත් වීම තාවකාලිකයි.