IMG-LOGO

රුපියල තවත් පහළට

(තුෂාර සිල්වා සහ යොහාන් භාසුර)

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 260ක අගයක් දක්වා අද (10) පහළ වැටිණි.

ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙතරම් අගයට පහළ වැටුණු මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (10) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 249.96 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 259.99ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 4 වැනිදා දක්වා කාලයේ දී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 0.6කින් අවප්‍රමාණය වී ඇත.

එම වාර්තාවට ම අනුව ජනවාරි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.36 කි.

එයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.078 විදේශ විනිමය සංචිත වන අතර එයින් රත්තරං සංචිත ය ඇමෙරිකානු ඩොලර් බිලියන 0.092 (ඇමෙරිකානු ඩොලර් මිලියන 92.0) වේ. 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 230 සීමාව ඉක්මවා නොයනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් ඉකුත් දා සඳහන් කළේ ය.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට සාපේක්ෂව රුපියල, 230ක අගයක් දක්වා අවප්‍රමාණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දා (7) රාත්‍රියේ පියවර ගත්තේ ය.

කෙසේ නමුත් මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු රැසක් ම සිය විදේශ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කරමින් ඇමෙරිකානු ඩොලරයකට ගෙවන විකුණුම් අගය/අනුපාතය රුපියල් 260ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබිණි.

කොමර්ෂල්, සම්පත්, මහජන, සහ ලංකා යන සෑම බැංකුවක්ම ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් ලෙස දක්වා තිබූ අතර එම බැංකුවල ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 250ක් ලෙස සඳහන් කර තිබිණි. 



අදහස් (0)

රුපියල තවත් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 44 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2170 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 674 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site