(තුෂාර සිල්වා සහ යොහාන් භාසුර)
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 260ක අගයක් දක්වා අද (10) පහළ වැටිණි.
ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙතරම් අගයට පහළ වැටුණු මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (10) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 249.96 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 259.99ක් විය.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 4 වැනිදා දක්වා කාලයේ දී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 0.6කින් අවප්‍රමාණය වී ඇත.
එම වාර්තාවට ම අනුව ජනවාරි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.36 කි.
එයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.078 විදේශ විනිමය සංචිත වන අතර එයින් රත්තරං සංචිත ය ඇමෙරිකානු ඩොලර් බිලියන 0.092 (ඇමෙරිකානු ඩොලර් මිලියන 92.0) වේ.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 230 සීමාව ඉක්මවා නොයනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් ඉකුත් දා සඳහන් කළේ ය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට සාපේක්ෂව රුපියල, 230ක අගයක් දක්වා අවප්‍රමාණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දා (7) රාත්‍රියේ පියවර ගත්තේ ය.
කෙසේ නමුත් මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු රැසක් ම සිය විදේශ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කරමින් ඇමෙරිකානු ඩොලරයකට ගෙවන විකුණුම් අගය/අනුපාතය රුපියල් 260ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබිණි.
කොමර්ෂල්, සම්පත්, මහජන, සහ ලංකා යන සෑම බැංකුවක්ම ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් ලෙස දක්වා තිබූ අතර එම බැංකුවල ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 250ක් ලෙස සඳහන් කර තිබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රුපියල තවත් පහළට