රොමේෂ් මධුෂංඛ
යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු දකුණු වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 93ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙත්තලකේනි, කඩෙයිකාඩු වෙරළ තීරයේ වෙරළ නීරීක්‍ෂණ මුරකුටියක රාජකාරි නියුතු උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ නාවික අණුකණ්ඩ වෙත්තලකේනි ආයතනයේ රේඩාර් මධ්‍යස්ථානයේ රාජකාරි සිදුකල නාවික පුද්ගලයින් පිරිසක් විසින් මුහුදේ සිට ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල සැක සහිත යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඇත.
පසුව එම යාත්‍රාව ගොඩබිමට සේන්දු වන අවස්ථාවේදී එය පරීක්‍ෂාවට ලක්කර එහි තිබී පාර්සල් 44ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 93ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
එම කේරළ ගංජා තොගය සමඟ අදාල යාත්‍රාවේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් , ධීවර යාත්‍රාව සහ එහි තිබූ තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා බාරයට ගනු ලැබූ අතර යාත්‍රාවේ සිටි පුද්ගලයින් යාපනය තාලයාඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 සහ 35 යන වයස්වල පසුවන්නන් බවට හඳුනා ගෙන තිබේ.
මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය හා ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සංකානේ සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත බාර දීමට කටයුතු කර ඇත.


COMMENTS
කේරල ප්‍රාන්තයේ කොරෝන වේගයෙන් පැතිරෙනවා. මේ දෙන්නවත් චෙක් කරන්න
මේ කෝටි එකහමාරක මුදල මෙරටින් පිටරටට ඇදීගිය මුදලක් නොවේද? මුදල් ගෙවලා නේද ගෙන්නන්න ඇත්තේ? මේවා විනාශ කරන අතරම මේ රටේ වැවෙන දේශීය ඖෂධයක් වන කංසා නැත්නම් ගංජාද විනාශ කරනවා.දේශීය දේ අගය කළොත් දේශිය මුදල් පිටට ඇදීයාම නතරවීමට අමතරව දේශීය වෙදකමත් තරමකින් හෝ දියුණුවේවි.ගංජා හෙවත් කංසා කියනදේ මම දැකලවත් නැහැ. නිදහස ලැබීමට වසර දෙකතුනකට පෙර මේ රටේ ගංජා තහනම් කළා.ඒ ගැනත් අවධානය යොමුකළොත් සුදුසුයි නේද ?