IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


රුපියලේ අගය පහළට

(හර්ෂණ තුෂාර සිල්වා)

ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (13) ඉතිහාසගත ලෙස පහළ ගියේය.

ඒ අනුව මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (13) 185.08 ක් ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 185.08ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 181.21ක් ලෙසත් දැක්විණි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ආසියාවේ සහ යුරෝපයේ මුදල් ඒකක අද දුර්වල තත්ත්වයක් පෙන්නුම් කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

කොරෝනා වයිරසය හේතුවෙන් මේ සතිය මුළුල්ලේම ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටුණි. කෙසේ නමුත් යුරෝපයේ කොටස් වෙළෙඳපොළ තෙල් මිල ගණන් අද යම් ප්‍රගතියක් පෙන්නුම් කළේ යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 13 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.



අදහස් (16)

රුපියලේ අගය පහළට

Prasanna wimal Friday, 13 March 2020 02:37 PM

බන්දු බන්දු ඔයා කොහේද?

:       61       291

ධම්මFriday, 13 March 2020 05:53 PM

ඇයි ටෙනී මං මෙහේ...?

:       17       18

BamunuarachchiSaturday, 14 March 2020 02:51 AM

ඇයි මොකක්ද ප්‍රශ්නය? යහපාලකයින් තොලොංචි වුණේ අපිට කොරෝනත් දීලා...

:       39       67

Rohana Friday, 13 March 2020 03:14 PM

කොරෝනාවල වාසියත් ඇමෙරිකාවට. පුදුම විනිමය වෙළඳ පොලක් මේක. ඇමෙරිකන් ඩොලර්වලින් ගෙවන විට එය සඳහා තවත් වැඩි රුපියල් ප්‍රමාණයක් වැය කරන්න වීම ලංකාවට අවාසියි.

:       0       63

RathnajiwaSaturday, 14 March 2020 05:02 AM

ඇමරිකාව තමයි ලෙඩේ බෝ කරේ කියලා චීනය චෝදනා කරනවා. ඇත්තෙන්ම මේ ලෙඩෙන් වැඩිම හානිය ඇමරිකාවේ ආර්ථිකයට බලපෑමක් කළ අයට තමයි. චීනය එක්ක ඇමරිකාව ආර්ථික යුද්ධයක හිටියා අවුරුදු 2ක් විතර, ඉරානයට ආර්ථික සම්බාධක දාලා තිබුණේ. මෑත ඉතිහාසය බැලුවොත් ඉතාලිය එක්කත් ලෙඩක් දා ගත්තා. දකුණු කොරියාවෙ සැම්සුන් සමාගම ඇමරිකාවේ ජංගම දුරකථන වෙළඳාම පැහැරගත්තා.

:       0       55

විපරමා Friday, 13 March 2020 05:19 PM

2500කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කිව්ව ආර්ථික ඔස්තාර් මේ ගැන තාම දන්නේ නැතුවද මන්දා...?

:       58       133

Kumara Friday, 13 March 2020 06:23 PM

නෑ නෑ බන්දු බුදි....

:       3       117

BamunuarachchiSaturday, 14 March 2020 02:54 AM

කොරෝනා ගෙනාවේ බන්දුල නොවෙයි. දොස්තර කෙනෙක් ගාවට යන්නේ නැතිව බන්දුලව හොයනවා. මොවුන් තමයි ලෙඩරෝග වලට තොවිල් කරන්නේ...

:       29       65

Mahee Friday, 13 March 2020 08:14 PM

නිතර එහාට මෙහාට පැනපු අපේ හිටපු මුදල් ඇමතියෙක් කිව්වා "රුපියල රුපියලමයි, මොකටද මේ කෑ ගහන්නේ" කියල. අලුත් මුදල් ඇමතිගේ ගම පැත්තේ කෙනෙක්. දැන් මුදල් ඇමැතිත් එහෙමම කියල දැම්ම නම් කතාව ඉවරයි.

:       0       0

Mahesh Saturday, 14 March 2020 01:11 AM

ඒකත් ඉවරයි.. හයියෝ පාණ්ඩුව..

:       0       0

ranjith Saturday, 14 March 2020 01:25 AM

පෙට්ටි කට කරකවා, කරකවා දිග හැරෙන පැත්තට කතාකරන්න පුළුවන් නිසා අාචාර්ය පට්ටමකුත් දීලා...

:       0       0

මුණසිංහ Saturday, 14 March 2020 01:40 AM

ඉදිරියේදී තත්ත්වය තවත් අවදානම්. ලෝක ආර්ථිකය එන්න එන්නම කඩා වැටෙනවා. ඩොලරය හමුවේ දැනටමත් ආසියා සහ යුරෝපා මුදල් අවප්‍රමාණය වෙමින් තිබෙනවා. තෙල් මිල පහළ යාම හොඳට සිදුවන දෙයක් නෙමෙයි. එතැනත් පෙන්වන්නේ ලෝක වෙළඳ පොලේ කඩා වැටීමක්... සෑම රටකම විදෙස් ආයෝජකයින් ආපසු යමින් පවතිනවා.

:       0       0

Pradeep Saturday, 14 March 2020 03:05 AM

මේ වගේ ලෝක ආර්ථිකයටම බලපෑ තත්වයක් යටතේ අප වැනි රටකට ඉන් ගැලවිය නොහැකියි. එය දේශපාලනික මුහුණුවරකින් අර්ථ නොදක්වා යථාරූපීව බැලීම වටිනවා. මේ අවස්ථාවේ කුමන පාලකයෙක් කුමන පක්ෂයක් බලයේ සිටියත් තත්වයේ වෙනසක් ඇති වෙන්නේ නෑ. නමුත් මෙය හොඳ අවස්ථාවක් කරගෙන දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමට සහ පසුව ආනයන සීමා කිරීමට පියවර ගන්නේ නම් මේ තත්වයෙහි වෙනසක් ඇතිවිය හැකියි...

:       0       72

chandana Saturday, 14 March 2020 03:43 AM

පාස්කු ප්‍රහාරයෙන් ගිය ඡන්දය ගොඩ දාගත්තු බොරු දේශප්‍රේමී හොර නඩයට කොරෝනා හොඳ ඉල්ලමක්... වංශ කියනවා කොරෝනාවලින් දේශපාලන වාසිගන්න එපා කියලා. ඔවුන් පාස්කු ප්‍රහාරය විකුණාගෙන කාපු හැටි හරිම සිරිකිතයි.

:       451       1019

isuru Saturday, 14 March 2020 04:49 PM

ඇයි ගෝඨාභයව පන්සල්, පල්ලි, සිවිල් ජනයා හා වහල්ලු ගෙනාවේ රුපියල ඩොලර් එකට උඩින් තියන්න නේද ?

:       20       2

කිර්ති Sunday, 15 March 2020 09:16 AM

කවද්ද ඉහළ ගියේ?

:       8       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30587 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12583 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10909 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 798 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site