(හර්ෂණ තුෂාර සිල්වා)
ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (13) ඉතිහාසගත ලෙස පහළ ගියේය.
ඒ අනුව මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (13) 185.08 ක් ලෙස සටහන්ව තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 185.08ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 181.21ක් ලෙසත් දැක්විණි.
ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ආසියාවේ සහ යුරෝපයේ මුදල් ඒකක අද දුර්වල තත්ත්වයක් පෙන්නුම් කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
කොරෝනා වයිරසය හේතුවෙන් මේ සතිය මුළුල්ලේම ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටුණි. කෙසේ නමුත් යුරෝපයේ කොටස් වෙළෙඳපොළ තෙල් මිල ගණන් අද යම් ප්‍රගතියක් පෙන්නුම් කළේ යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 13 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දු බන්දු ඔයා කොහේද?
කොරෝනාවල වාසියත් ඇමෙරිකාවට. පුදුම විනිමය වෙළඳ පොලක් මේක. ඇමෙරිකන් ඩොලර්වලින් ගෙවන විට එය සඳහා තවත් වැඩි රුපියල් ප්‍රමාණයක් වැය කරන්න වීම ලංකාවට අවාසියි.
2500කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කිව්ව ආර්ථික ඔස්තාර් මේ ගැන තාම දන්නේ නැතුවද මන්දා...?
නෑ නෑ බන්දු බුදි....
නිතර එහාට මෙහාට පැනපු අපේ හිටපු මුදල් ඇමතියෙක් කිව්වා "රුපියල රුපියලමයි, මොකටද මේ කෑ ගහන්නේ" කියල. අලුත් මුදල් ඇමතිගේ ගම පැත්තේ කෙනෙක්. දැන් මුදල් ඇමැතිත් එහෙමම කියල දැම්ම නම් කතාව ඉවරයි.
ඒකත් ඉවරයි.. හයියෝ පාණ්ඩුව..
පෙට්ටි කට කරකවා, කරකවා දිග හැරෙන පැත්තට කතාකරන්න පුළුවන් නිසා අාචාර්ය පට්ටමකුත් දීලා...
ඉදිරියේදී තත්ත්වය තවත් අවදානම්. ලෝක ආර්ථිකය එන්න එන්නම කඩා වැටෙනවා. ඩොලරය හමුවේ දැනටමත් ආසියා සහ යුරෝපා මුදල් අවප්‍රමාණය වෙමින් තිබෙනවා. තෙල් මිල පහළ යාම හොඳට සිදුවන දෙයක් නෙමෙයි. එතැනත් පෙන්වන්නේ ලෝක වෙළඳ පොලේ කඩා වැටීමක්... සෑම රටකම විදෙස් ආයෝජකයින් ආපසු යමින් පවතිනවා.
මේ වගේ ලෝක ආර්ථිකයටම බලපෑ තත්වයක් යටතේ අප වැනි රටකට ඉන් ගැලවිය නොහැකියි. එය දේශපාලනික මුහුණුවරකින් අර්ථ නොදක්වා යථාරූපීව බැලීම වටිනවා. මේ අවස්ථාවේ කුමන පාලකයෙක් කුමන පක්ෂයක් බලයේ සිටියත් තත්වයේ වෙනසක් ඇති වෙන්නේ නෑ. නමුත් මෙය හොඳ අවස්ථාවක් කරගෙන දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමට සහ පසුව ආනයන සීමා කිරීමට පියවර ගන්නේ නම් මේ තත්වයෙහි වෙනසක් ඇතිවිය හැකියි...
පාස්කු ප්‍රහාරයෙන් ගිය ඡන්දය ගොඩ දාගත්තු බොරු දේශප්‍රේමී හොර නඩයට කොරෝනා හොඳ ඉල්ලමක්... වංශ කියනවා කොරෝනාවලින් දේශපාලන වාසිගන්න එපා කියලා. ඔවුන් පාස්කු ප්‍රහාරය විකුණාගෙන කාපු හැටි හරිම සිරිකිතයි.
ඇයි ගෝඨාභයව පන්සල්, පල්ලි, සිවිල් ජනයා හා වහල්ලු ගෙනාවේ රුපියල ඩොලර් එකට උඩින් තියන්න නේද ?
කවද්ද ඉහළ ගියේ?