(රංජන් කස්තුරි)

පවුලේ ඥාතීන්ට බන්ධනාගාර රැඳවියන්ගේ සුවදුක් විමසීම සඳහා ‘‘ඉ-විසිට්‘‘ නමින් නව තාක්ෂණ ක්‍රමවේදයක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් වි.ආර්. සිල්වා මහතා පවසයි.  

ඒ අනුව ඥාතීන්ට තමන්ගේ  නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැඳවියා සමඟ සම්බන්ධවී සුවදුක්  විමසීමටත් තොරතුරු කතබහ කිරීමට අවස්ථාව සලසා ඇතැය ද රාජ්‍ය ලේකම්වරයා කීය.

බන්ධනාගාර නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ රැඳවියාට නව තාක්ෂණික මෙවලම් භාවිතකර සිය නිවස හා සම්බන්ධ විය හැකි බව ද ඔහු කීය.