IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රන් සොයා කැණීම් කළ 21 ක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා ඇති රත්තරං සොයා කිලිනොච්චි, ධර්මපුරම් කට්ටකාඩු ප්‍රදේශයේ ස්ථානයක් ස්කෑනර් යන්ත්‍ර යොදා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු, හමුදා සෙබලුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 21 දෙනකු අද (9) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් යුද හමුදා කර්නල්වරයා සහ සෙබලුන් දෙදෙනා රත්තරං සොයා පරීක්ෂා කරමින් සිටි පිරිසකට ආරක්ෂාව ලබාදෙමින් කැණීම් සිදුකිරීමට හවුල් වී ඇති බවද පැවසීය.

සැකකාර කර්නල්වරයා හා යුද හමුදා සෙබලුන් දෙදෙනා යුද හමුදා නිල ඇඳුමින් සැරසී සිට ඇති අතර ඔවුන් විජයබා පාබල රෙජිමේන්තුවට අයත් සාමාජිකයින් වන බවත් කිලිනොච්චිය ප්‍රදේශයේ රාජකාරී කර ස්ථාන මාරුවීම් ලැබූ අයකු බවද සඳහන් කළේය.

එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සඟවා ඇති රත්තරන් තොගයක් සොයා කැණීම් කරන පිරිසක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් මත යුද හමුදාව හා එක්ව සිදුකළ වැටලීමකදී කර්නල් ඇතුළු පිරිස අත්අඩංගුවටගෙන තිබේ.

සැකකාර කර්නල්වරයා අදාල ස්ථානයේ පිරිස වෙත ආරක්ෂාව සපයා ඇති අතර විදේශ රටකින් ගෙන්වන ලද අධි බලැති ස්කෑනර් යන්ත්‍ර යොදා ගනිමින් සැකකරුවන් පිරිස රත්තරං සොයා ගනු ලැබීය.

එම තිබී සැකකරුවන් රැගෙනවිත් තිබූ පූජා භාණ්ඩ කිහිපයක්ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ.

විශේෂ කාර්ය බළකාය පැවසූයේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනකු හිටපු හමුදා සාමාජිකයින් බවත් ඔවුන් යුද හමුදාවෙන් විශ්‍රාම ගිය පුද්ගලයින් වන බවයි.

සැකකරුවන් පිරිස අතරින් 13 දෙනකු අනුරාධපුර හා විවිධ ප්‍රදේශයන් හි පදිංචි පුද්ගලයින් වන අතර තවත් තිදෙනකු කිලිනොච්චිය, පරන්තන්  ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය වෙත බාරදීමෙන් පසුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප - රොමේෂ් මධුෂංඛ)

 

 



අදහස් (3)

රන් සොයා කැණීම් කළ 21 ක් අත්අඩංගුවට

Pradeep Sunday, 09 February 2020 01:28 PM

නිකන්ම පොළවට පස් වෙන්න දෙන්නේ නැතුව මේවා ප්‍රයෝජනයකට ගන්නේ නැත්තේ ඇයි..? පුද්ගලික මට්ටමින් මේවා ගන්න එක නිතිවිරෝධී නම් ඇයි රජය මැදිහත්වෙලා මේවා ගන්නේ නැත්තේ..? සම්පත් නාස්තියක්..

:       0       17

binkunndaa Monday, 10 February 2020 03:29 PM

ගත්තත් මැදමුලන වලව්වේ හරි සී ෂෙල්ස් දුපතේ හරි තමා නවතින්නේ.

:       12       1

nimal Wednesday, 12 February 2020 08:50 AM

රණවිරු දඩයම වහා නවතනු...

:       8       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site