(ටී.කේ.ජී.කපිල )
රන් බිස්කට් 40 ක් තම කලිසමේ දෙපස සාක්කු දෙකේ සඟවා ගෙන ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපළ සේවකයකු අද (20) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සේවකයා කොළඹ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ගුවන් තොටුපළින් පිට කිරිමට ගිය රන් බිස්කට්වල වටිනාකම රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වේ.
ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මගියකු විසින් සංක්‍රමණික මගී පර්යන්තයේ දී ඔහුට මෙම රන් බිස්කට් තොගය ලබා දී තිබිණි.
එහි ග්‍රෑම් 100 ක බරින් යුතු රන් බිස්කට් 40 ක් තිබූ අතර ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 4 ක් බව රේගුව ප්‍රකාශ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන අය බොහෝ දෙනෙක් ඔය ජාතියේ අය. ජරාපප්පලා. ජරාවක් දුන්නොත් අලියෙක් වුණත් පන්නන්න පුළුවන්...
රටේ ඉන්න ලොකු හොරු රටින් බාගයක් හොර කාලා තම තමන්ගේ සාක්කු පුරෝ ගන්න එකේ.. මෙහෙම දෙයක් පොඩි මිනිහෙක් කලොත් තමා ඒවාට ප්‍රසිද්ධිය දෙන්නේ.. මම කියන්නේ නැහැ මෙතනදී මේ කරපු දේ හරි කියලා. මම පැහැදිලි කරන්න උත්සහ ගත්තේ පොඩි මිනිහගේ වරද සහ ලොකු මිනිහෙක් වරදක් කළහම කෙරෙන අන්ත දෙක පිලිබදව සමස්ත නිලධාරීන් නීතිය ක්‍රියා කරන ආකාරය ගැන.
සංක්‍රමික පර්යන්තයේදිලු නේද රන් බිස්කට් දීලා තියෙන්නේ? ඉතින් මේක හොඳට ප්ලෑන් කරලා නොමේද කරලා තියෙන්නේ? එන පුද්ගලයා මෙම සේවකයාව හොඳින් අඳුනන්න ඕනේ නේද? තව විදියකින් කිව්වොත් මෙම සිදුවීම සිදුවීම් මාලාවක එකක් පමණයි. එහෙම නැතිනම් මෙම රන් ගෙනාපු තෝරා හෝ මෝරා ගැන මොහු තොරතුරු වසන් කරනවා.
ඕවා රාජ සන්තක කරලා කොහේ හරි හංගලා තියන්න. නැත්නම් නිධන් කරන්න ඕනෑවෙන්න පුළුවන් කාට හරි...