
'කොවිඩ් 19' වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැටකන බංග්ලාදේශයෙන් සෙන්ටි මීටර් 51 ක් උස කුරු එළදෙනක ගැන වාර්තා වෙයි. බංග්ලාදේශ වැසියෝ කොරෝනා ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සෞඛ්‍ය නීති උල්ලංගනය කරමින්, 'රානී' නැමැති මෙම පුංචි එළදෙන නැරඹීමට පොරකන බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
රානීගේ බර කිලෝ ග්‍රෑම් 28 කි. රානී මාස 23 ක් වයස බුරුම එළදෙනක යැයි පැවැසෙයි. රානී ජීවත් වන්නේ ඩකා අගනුවරට නුදුරින් චාරිග්‍රාම් ප්‍රදේශයේ ගොවිපොලකය. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් මේ වනවිට බංග්ලාදේශය මුළුමනින්ම ලොක්ඩවුන් කර තිබේ.
එසේ වුවත් ඊයේ (8) දිනයේ පමණක් රානී බැලීමට ඇය ජීවත් වන ගොවිපොලට 15,000 කට වැඩි පිරිසක් පැමිණි බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. රානීගේ හිමිකරු හසාන් හවුල්දාර් පවසා ඇත්තේ ගිනස් ලෝක වාර්තා අතරට රානී එක් කිරීමට තමන්ගේ කැමැත්තක් ඇති බවය. ඒ ලෝකයේ පුංචිම එළදෙන ලෙසිනි.
ඩකාහිදීය (රොයිටර්/ඩේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද අනේ.., පහුගිය දවසේ කෙනෙක් පාර්ලිමේන්තුත් ගියානේ.. ඒකට සමහරු කිරිබත් කෑවේ...