IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රනිල් පෙත්සමට නීතිපතිට නොතීසි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස තමා වෙත නිකුත්කර තිබෙන නියෝගයක් අත්හිටුවා තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකරනු ලැබ ඇති පෙත්සම සම්බන්ධයෙන් ලබන මාර්තු මස 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය නිතිපතිවරයා ඇතු`ථ වගඋත්තරකරුවන්ට අද (25) නොතීසි නිකුත් කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දේශපාලන පලිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.

ජනාධිපතිවරයා පත්කරනු ලැබූ දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකළ නිර්දේශ බලරහිත කරන ලෙස තම සේවාදායකයා මේ වනවිටත් අභියා-චනාධිකරණ්‍ය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ෆයිස් මුස්තාෆා මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

රිට් පෙත්සමක් ගොනුකර තිබියදී අදාළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබදව සොයා බැලීමසදහා ජනාධිපතිවරයා තවත් විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂණ් සභාපත් පත්කර ඇති බව ද ජනාධිපති නිතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව තම සේවාදායකයාට ලබන 28 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් කර ඇතැයි ද ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව එම නොතීසිය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් අධකරණය මේ පිළිබදව කරුණු විමසීම සදහා නිතිපතිවරයා ඇතුලු වගඋත්තරකරුවන්ට ලබන මාර්තු මස 02 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කළේය.



අදහස් (0)

රනිල් පෙත්සමට නීතිපතිට නොතීසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site