IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


රනිල් - කරු තීරණාත්මක හමුවක්

( +++ අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර තීරණාත්මක හමුවක් ඊයේ (19) රාත්‍රී කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ කථානායක නිල නිවෙසේ පැවැති ඉහත හමුවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේ දඹුල්ලේ සිටය. රනිල් වික්‍රමසිංහ මහතා සති අන්තය ගත කළේ දඹුල්ල ප්‍රදේශයේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවට ප්‍රථම කථානායක කරු ජයසූරිය මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් ද හමුවී අදහස් හුවමාරු කරගත්තේය.

කථානායක කරු ජයසූරිය මහතා සමග සාකච්ඡාවට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් සමග ද අදහස් හුවමාරු කරගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර ඊයේ (19) පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵල ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳව පැවැති අර්බුදය අවසන් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (4)

රනිල් - කරු තීරණාත්මක හමුවක්

මංජුල Monday, 20 January 2020 06:05 AM

මෙයාලා කවදාවත් ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නැහැ.. විසඳාගත්තේ එයාලගේ ප්‍රශ්න විතරයි..

:       146       136

Shahiwal Monday, 20 January 2020 08:02 AM

නාකි වුණාට පස්සේ වැඩක් නැහැ. යූඑන්පී එකත් ඉවරයි...

:       54       4

කපුරුහාමි Monday, 20 January 2020 10:16 AM

පස්මහ බැලුම් බල බල ඉන්න. එතකොට ඔක්කොම හරි. අන්තිමට පක්ෂයත් කබාසීනියා වෙලයි නතර වෙන්නේ...............

:       55       1

Tissa Wedagedara Monday, 20 January 2020 10:40 AM

අතේ ඇගිලි පහම එක වගේ නැහැනේ. එත් අදහස් දාන ඇගිලි එක වගේ. එක සමාන අදහස් දක්වන්නේ. එකම කණ්ඩායමක් නේද මේ අය ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 354 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site