(නිමල කොඩිතුවක්කු)
රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂනායක ධුරයෙන් ඉවත් නොවුණහොත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා කොළඹදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට සහ විපක්ෂනායක දුරයට වඩාත්ම සුදුසු පුද්ගලයා සජිත් පේ‍්‍රමදාස මහතා බවත් ඔහු සඳහන් කළේය.
කොළඹ කැප්පිටිපොළ මාවතේ පිහිටි හරීන් ප්රනාන්දු මහතාගේ නිල නිවසේදී අද (20) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.
පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම තවත් තනතුරු රැසක වෙනස්විම් සිදුවිය යුතු බවත් හරීන් ප‍්‍රනාන්දු මහතා එහිදි වැඩිදුරටත් පැවසීය.
එසේ නොමැතිව තවදුරටත් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කිරිමට සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු පිරිසක් සූදානම් නොමැති බවත් ඔහු කියා සිටියේය.
බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කර ජයග‍්‍රහණය කරා මෙහෙයවූවා සේම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර ජයග‍්‍රහණය කරා මෙහෙයවූවා සේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සහ තනතුරුවල වෙනසක් සිදු නොවුනහොත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කර එය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවත් ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ චෝදනා එල්ල නොවූ පිරිසිදු දක්ෂ කණ්ඩායමක් සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ ගමනක් යෑමේ සූදානමින් සිටින බවත් හරීන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම තර්ජනය කරලා අපේක්ෂකයෙක් බලහත්කාර කමෙන් දාගෙන කරපු හරිය මදිද?
වැලේ වැල් නැතුව ඉන්න ඔහෙලා තමයි සජිත්ට ඔච්චර වල කැපුවේ. මෙයාගේ කතාව හරියට මෙයා එජාපෙ මහා කෙරුමෙක් වගේ. හලෝ.... සජිත්ට වයස 72 වෙනකම් රටේ ලොකු තනතුරක් හිතන්නවත් බැහැ.
නායකත්වය සඳහා සජිත්ව පුහුණු කළ යුතුවේ..
අහෝ දිසාපාමොක් නොදිටි මොක්පුර !!! හරීන් ඔබට බොහෝදුරක් යාහැකි නායකයෙක් මුලාවේ නොවැටී හිටියෝත් තමන්ගේ අාසන දිනාදෙන්න බැරි සංවිධායකවරු මොනවද මේ කියන්නේ?
රනිල්ට කවුරුත් බැන්නත් පහත කරුණුත් මතක තියාගන්න. 1) රනිල් 4 වතාවක් අගමැති වුවත්, පළමු 1993/94 මාස 15 හැරුණු කොට, අන් සියලු අවස්ථාවන්වලදී රටේ නායකයා වූයේ විරුද්ධ පාක්ෂික චන්ද්‍රිකා සහ මෛත්‍රිය.. 2) ඔවුන් දෙදෙනාම කලේ, අගමැතිට උදව් කිරීම නොව, රට බල්ලට ගියත්, රනිල්ගේ කකුලින් අැදිමය 3) රනිල් 1991 දී R ප්‍රේමදාසට විරුද්ධව ලලිත්, ගාමිණි ගෙනා විශ්වාස භංගයේදී ප්‍රේමදාසට සිටි මහමෙරකි. එය නොවන්න, 1991 ප්‍රේමදාස රජය බිමවැටි UNP අවසන් වන්නේ 1991දීය 4) රනිල් උගතෙක් පමණක් නොව, 1948 සිට අද දක්වා රට පාලනය කළ අගමැති/ ජනාධිපතිවරුන් අතුරෙන් ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලත් එකම අගමැතිවරයාය. අපොස (ස/පෙ) අසමත්, බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකට ගොස් උපාධිය හමාර නොකළ, ඇමරිකාවේ විශ්ව විද්‍යාලයට ගොස්, එතැනදීත් උපාධියක් හමාර නොකළ ඇත්තොත් UNPයේ ඇත. ඒ ඇත්තෝ සනීපාරක්ෂණ තුවා... පක්ෂ ලාංඡනය යටතේ පක්ෂයක් බිහිකළාට, UNP යට, අද SLFP වූ දේ වන්නේ නැත්තේ, සජිත් ප්‍රේමදාස මහතා මහින්ද රාජපක්ෂ හෝ SWRD බණ්ඩාරනායක වන්නෙක් නොවන නිසායි.
ප්‍රනාන්දු මහතා කොහොමද "එක්සත්" කියන වචනය පාවිච්චි කරන්නේ පක්ෂයේ නායකයා විවේචනය කරමින් මම හිතනවා "ජුදාස්" ජාතික පක්ෂයේ හොඳට ගැලපෙනවා කියලා.
හොඳ අදහස සර්... මහින්ද සුළඟ වගේ සජිත් සුළඟ හදමු. සජිත් දිගටම කලේ අනුන්ගෙන් කොපි කරන එකනේ..
තාත්තද කිව්වේ?
ගොඩක් දුර යන්න බැරිවෙයි. මොකද සහරාන් ප්‍රහාරයට වග කියන්න ඕනේ ඔහෙලා.
අපි කැමතියි කාර්යශූර විරුද්ධ පක්ෂයක් තියෙනවා නම්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්න ඒක අත්‍යවශ්‍ය දෙයක් බව අමුතුවෙන් කියන්න දෙයක්යැ. ගෝඨාභය කියන්නේ වැනෙන පතෝලයෙක් එහෙම නෙමෙයි. ඒ නිසා විරුද්ධ පක්ෂ නායකයත් අවංක, ඇත්ත කතා කරන්න බය නැති, ඩීල් නොගහන කෙනෙක් වුනොත් ජනතාව ඔහු ගැන විශ්වාසය ගොඩනගා ගනීවි. රටට හොඳ රාජ්‍ය නායකයෙකු සේම හොඳ විපක්ෂ නායකයෙකුත් සිටිය යුතුමයි.
දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දෙනවා කියන්නේ ඕකට තමයි..! නායකයෙක් කියලා කවුරු හිටියත් නායකත්වයට ගරු කළ යුතුයි.
මෙය අදූරදර්ශී ප්‍රකාශනයක්. සජිත්ව මේ තත්වයට පත්කරන්න ප්‍රධාන වූයේ හරීන්. ඔවුන් සජිත්ව මේ තත්වයට පොලඹවූයේ නැතිනම් සජිත් අද වනවිට වඩාත් පිළිගැනීමෙන් යුතු පුද්ගලයෙකු වනවා නොඅනුමානයි. දිනීම කෙසේවුවත් එජාප ඇරෙක්ෂකයා විය යුතුව තිබුනේ කරූ ජයසූරිය බවයි මගේ හැඟීම. අලුත් පක්ෂ පිහිටුවන්න කතා කරන්න කලින් ඉන්න පක්ෂය නැවත ගොඩ නගාගන්න හැටි නායකත්වය සමග එකතු වී සැලසුම් කිරීමයි කාලීන අවශ්‍යතාවය. අනික රනිල් උතුරේ සහ නැගෙනහිර දිනෙව්වා නේද? ඒ දේ සජිත් වෙනුවෙන් හරින් කළාද? හරීන් ඔයා මෝරලා මදි ලංකාවේ දේශපාලන රටාව තේරුම් ගන්න. ඔයා කළයුතු හොඳම දෙය රනිල් ශක්තිමත්කරනවා හැර කකුලෙන් ඇදීම නොවේ. ඔබලා ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණය ගැන සැලසුම් කළොත් හොඳයි. මම අවුරුදු අට දහය වයසේ ඉඳන් එජාපයට වැඩ කළා. හැමදාම ජය වගේ පරාජයත් එක වගේ විඳගත්තා. නමුත් නායකත්වයට ගරුකළා.
අපි නම් මෙයාගේ ඩුබායි වල තියෙන සෙල්ලම් ගැන හොඳට දන්නවා. මෙයාගේ වත්කම් තියෙන්නේ මෙහේ...
අනේ ෂෝක්. කරලම බලන්නකෝ...!!! සුළං වැපිරුවොත් අස්වැන්න සුළි සුළං බවත් මතක තියා ගන්නකෝ...
මම මේ අහන්නම හිටියේ සර්, සජිත් මහත්තයා කුජීත වෙන්න පැරදුණත් අර දෙනවා කියපු දේට බෙහෙත් තවම දෙනවද? සර් අර චන්ද්‍රගුප්ත තේනුවරට සහ ගාමිණී වියන්ගොඩට කියලා අපේ ගායට දිගටම බෙහෙත් දෙන්න සර්. ඒ දෙන්නගේ සහායට පිරිම් නර්ස්වත් ගන්න පුළුවන්නේ. රණවිරුවන්ගේ දුක සැප බලන්න පුරවැසියෝ ටික යොදා ගනිමු. සුවපති තුමාට කියලා රණවිරුවන්ට රුපියල් කෝටියක මුදල් ප්‍රදානයත් අරන් දෙන්න සර්, පින්සිද්ද වෙනවා..!
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර ජයග‍්‍රහණය කරා මෙහෙයවූවා සේම එක්සත් ජාතික පක්ෂයේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කර එය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවත් ඔහු සඳහන් කළේය. පරාද වූවාට පසු එක්සත් ජාතික පක්ෂයේ තරුණ කණඩායම යනුවෙන් හඳුන්වාගත් මොලයක් නොමැති පිරිසක් විසින් කරන්නේ කුමක්ද කියා පාක්ෂිකයන් වන අපි බලා සිටිමු. මැතිවරණයෙන් දිනුවා නම් ඔබ ඔය කියන කතා කියන්නේ නැත. මහා ලොකු කයිවාරු ගැසුවාට කොන්දක් නැති මැතිවරණයෙන් පසු තනතුරු දමා දුවන තරුණ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ සිටින බව පෙනේ. ගම රට ඉල්ලන්නේ සජිත් කියා කෑමොර දුන්නේ ඔබලාමයි..
විකාර කතා නොකරන්න. රනිල් වික්රමසිංහ මහතා පක්ෂය සමඟ සිටිය යුතුය. පක්ෂ නායකයා වීමට තරම් පොලිස් අධිකාරීවරයාට තවමත් හැකියාවක් නැත. සුළු පක්ෂ දිනා ගැනීමට පොලිස් අධිකාරීවරයාට නොහැකි අතර අනෙක් පක්ෂ නායකයින්ට පවා එය කළ නොහැකි විය. එය කළ හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණි. කරුණාකර රනිල් වික්රමසිංහ මහතා සාදරයෙන් පිළිගනිමින් පක්ෂය ශක්තිමත් කිරීමට උත්සාහ කරන්න.
මෙයාගේ කයිය විතරයි. මෙයා සජිත්ට කඩේ යන්නම උපන් කෙනෙක්.
මේ අය හිතන් ඉන්නවා ඒක ලේසියි කියලා. මහින්දට මිනිසුන් තියෙන ආදරය මේ අයටත් තියෙනවා කියලා. එදා ගාමිණී ,ඇතුලත් මුදලි යන සෙට් එකට උන දේ තමා වෙන්නේ. හිතන් ඉන්න තරම් ඔයාලට මිනිස්සු කැමැති නැහැ. කෘතිමව මිනිසුන්ගෙ ආදරය ගන්න බැහැ. ඒකට අමිල වාසනාවක් ඕනේ. පුලුවන්නම් හදලා පෙන්වන්න විකාර විහිළු නටන්නෙ නැතිව. කැඩිච්ච සෙරෙප්පුව ලාංඡනය කරන් එන්න.
හරීන් ප්රනාන්දු මහතාගේ නිළ නිවාසය මහජන මුදලින් නඩත්තු කරන්නේ එක්ෂත් ජාතික පක්ෂයේ වැඩ කටයුතු වලටද?
හරීන් ප්රනාන්දු මහතාගේ නිල නිවසේදී? දැන් අපේ ගෙවල් වලටත් නිල නිවස් කියලද කියන්නෙ?
එක්සත් ජාතික පාක්ෂිකයකු විදියට මම නම් හිතන්නේ ඔය සියලුම දෙනා ඉවත්වී අලුත්ම කෙනෙක් පක්ෂය මෙහෙයවිය යුතුයි කියායි.
පක්ෂෙ කෑවා නේද?
අනේ අම්මපා මේ රැලට ගහලා එලවන්න කෙනෙක් නැති හැටි... රටට මෙච්චර විනාශයක් කරලත් වගේවගක් නැහැ.
හැබැයි ඔතන ඉන්න මනූෂට නම් ගෙදරම නවතින්න කියන්න. අායෙත් එනවා බොරු. ගියවරත් අනෙක් අයට පින් සිද්ධ වෙන්න අාවත් ඉනිමගට පයින් ගැහුවා.
සජිත් පරදින්න හේතු උනේ සිංහල ජනතාව තේරුම් නොගැනීම නිසාය. ජාතියක් හැටියට නොමිලේ කන්න, පාසල් නිල ඇදුම් ගන්න ජන්දය නොදීපු මිනිසුන් ගැන රටක් හැටියට අපි සතුටු විය යුතුයි. සජිත් හිතන්නේ තාමත් තම පියාගේ කාලයේ වගේ මිනිසුන් සිටිනවා කියාය. දෙමළ, මුස්ලිම් ජන්ද නැත්නම් සජිත් කුජීත විදහට පරාදයි . අලුත් නායකයෙක් කියන්නේ පැරදුනත් දිනන්න බලපොරොත්තුවක් තියන්න පුළුවන් කෙනෙකුටයි. රටේ ජන්ද බලය හිමි හුග දෙනෙක් දැන් පාරම්පරික UNP,SLFP මිනිසුන් නොවේ . උගත් ජවයක් තියෙන කණ්ඩායම් හැගීමෙන් කටයුතු කළහැකි කෙනෙක් නායකයා කරගත යුතුයි. මට පුළුවන් මමයි වැඩ්ඩා කියලා හිතන කෙනෙක් කිසිම පක්ෂයකට, නුතන යුගයේ නායකත්වයට ගැළපෙන්නේ නෑ. මට හිතෙන්නේ හොදම කෙනා කරූ. නමුත් එතුමාගේ වයස නිසා නවීන් තමා හරියන කෙනා.
තමන්ගේ ආසනයවත් දිනාගන්න බැරි අය අලුත් පක්ෂ හදලා ඇපත් නැතුව තමා යන්නේ. බලන්නකෝ.
බණ්ඩාරනායක සහ මහින්ද පරිණත දේශපාලකයෝ. එම නිසා ඔවුන්ට වෙනම පක්ෂ නිර්මාණය කිරීමේ හැකියාවක් ලැබුනත් කිසිදු දේශපාලන පරිණතභාවයක් නොමැති සජිත්ට හා ඔහුගේ අනුගාමිකයින්ට පක්ෂ නිර්මාණය කිරීමට හැකියාවක් නැති බව මගේ හැගීමය. මොලේ කළදක් තියෙන මිනිසෙකුට තේරුම් ගත හැකියි සජිත් වැනි පුද්ගලයෙකු රටේ ජාතික නායකත්වයට නුසුදුසු බව. පවතින තත්වය යටතේ රනිල් මහතා ඉවත්වී වෙනත් පරිණත නායකයෙකුට නායකත්වය් පැවරීම කළ යුතු බව (සජිත්ට නොව)මගේද අදහසයි. සජිත් පරාජය වුයේ ඔහුගේ දුර්වලතා නිසා මිස වෙනත් අයගේ බලපෑමක් නිසා නොවේ. ඔහුගේ කතා, හැසිරීම ප්‍රාථමික මට්ටමක පවතින බැවින් ඔහු ආකර්ශනීය නායකයෙක් වුනේ නැහැ. එය අප ඔහු පැමිණීමට උත්සහ කරන විටම පෙන්වා දුන්න. අනුගාමිකයන් සජිත්ගේ මොළය විකල් කරා.
බල තණ්හාව වැඩි වෙලා දුරදිග පෙනෙන්නේ නැහැ. බණ්ඩාරනායක සහ මහින්ද මහත්වරුන්ට සජිත්ව සමාන කරනවා කියන්නේ විහිළුවක්. නමුත් තාමත් සජිත්ව මුරුංගා අත්තේ නැග්ගවිල්ල නවත්වන්නේ නැහැ. අනික සජිත් වටේ ඉන්නේ චෝදනා නැති කට්ටිය කියන්නේ හීනෙන්ද? බැඳුම්කර සිද්ධිය නිසා එලියට ආපු දේ අමතකද ? ඇලෝසියස්ලගෙන් මිලියන් ගණන් ගත්ත උදවිය නේද ඉස්සරහම ඉන්නේ ?
සජිත් එනවා..... සජිත් යනවා.....මමත් යනවා. කැලේ මාරු කළාට කොටියගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ මහත්තයෝ. ඉස්සෙල්ලම මිනිස්සුන්ට වැඩකරන්න. එතකොට නිකම්ම ජනතාව තෝරගනී.
නියමයි. හැබැයි ඔයාලගේ කණ්ඩායමේ හොරුන්ට ඉඩ දුන්නොත් අබ සරණයි.
ඔය පිරිසිදු කණ්ඩායමේ අජිත් පී. පෙරේරා , සුජීව සේනසිංහ එහෙම නැතුව ඇති නේද? අර්ජුන් මහේන්ද්‍රන්ව හිනස්සන්නේ නැතුව ඉන්න අනේ.
බලාගෙනයි පක්ෂ අලුතින් හදන්න කලින් ... ළඟ ඉන්න අය කොහාට පනියිද දන්නේ නෑ.
කියන මිනිස්සුන්ගෙන්ම පේනවා අලුත් පක්ෂෙ යන දුර.... පැරදුනාම රනිල්ට ගහනවා. රනිල් උන්නෙ නැත්තන් පරදින්නෙ මීටත් වැඩිය වැඩි ඡන්ද ගානකින්. රනිල් මහත්මයාගේ සියළුදේ නිවැරදි නොවූවත් විය යුත්තේ මෙය නොවෙයි.
ඔය සෙට් එකේ ආසන පරාද කලේ රනිල් ද? 2015 දී දෙදාහකින් පැරදුන ආසන දැන් පන්දහස් අටසීයකින් පැරදිලා . පලාතට වැඩක් කරනවා හලෝ.
ඉස්සරහට උගත් නායකයෙක් එක්ක ඉදිරියට යන්න බලන්න. සජිත් එක්ක ඒක පුලුවන් වෙයි කියන්න බෑ. උදාහරණයකට පාටලී හෝ නවීන් වගේ කෙනෙක් එක්ක උත්සහ කරොත් බැරි වෙන එකක් නෑ.
පාස්කු බෝම්බ ප්‍රහාරය වෙන්න පුළුවන් බව දැනගෙනත් නිකන් හිටපු මනුස්සයෙක්ව අපට විශ්වාස කරන්න පුලුවන්ද.
පාස්කු බෝම්බ ප්‍රහාරය වෙන්න පුළුවන් බව දැනගෙනත් නිකන් හිටපු මනුස්සයෙක්ව අපට විශ්වාස කරන්න පුලුවන්ද. සජිත්ට වැරදුනේ එහෙම විශ්වාස කරපු නිසයි. හරීන්ට නිසි තීරණ ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් උවමනාවක් නැහැ. කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ බලය විතරයි ඕනා. ඒ නිසා අපිව තවත් අමාරුවේ දාන්න හිතන්න එපා.
සජිත් එනවා කියලා පටන්ගත්ත පක්ෂයේ විනාශ කල අය අයින් වෙන එක පක්ෂයට කරන ලොකුම උදව්ව
තාත්තගෙන් ඇහුවද???
සජිත් එනවා... සජිත් යනවා...
මහජනතාව ගැන ඔතරම් කැක්කුමක් තිබුනානම් පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන දැනුම් දීල එක ජීවිතයක් හරි බේරගන්න තිබුන නේද ?
මෙයා ගියත් නැතත් ඒක හොඳ දෙයක්. රටකට විකල්ප පක්ෂයක් අවශ්‍යයි. එජාපය සහ ශ්‍රීලනිපය දෙකම දැන් ජරාජීර්ණ වෙලා අවසානයි. ඒ මදිවට ජනමතය කණපිට හරවල හින් නුලෙන් විධායක බලතල ගන්න හිතපු අය අවබෝධතා ගිවිසුම් ගහලා ඒවා තව දුරටත් ජනමතය විදහාදක්වන පක්ෂ නොවෙයි.
කොහොමත් ලැජ්ජාවක් කියන එකක් නම් ගෑවිලාවත් නැහැ. එජාපය නැතිකරලම දැම්ම මම එනවා කියලා, බලෙන්ම. දැන් විපක්ෂ නායක කමට කෙල හළනවා. අලුත් පක්ෂ හදන්න, ඡන්දෙ දෙයි උඩ පැන පැන. කෝ ගෙවල් හදලා දීපු කට්ටිය ?
තමුන්ගේ ආසනයවත් දිනාගන්න බැරි මෙයාලා නිසා තමයි සජිත්ට මෙහෙම වුනේ.
බදුල්ලත් පරාද වුනානේ. මහා මැතිවරණය ආවම පක්ෂ හදන්න නෙවෙයි කට්ටියම ගෙදර.
ඔක්කොටම කලින් මහා මැතිවරණයේදී තමන්ගේ ආසනය රැකගෙන පෙන්වන්නකෝ.
පතෝල තියරියෙන් වැඩකරන්න බැරි විත්තිය දැන්වත් තේරුම් ගන්නවලා..