( +++ අංජුල මහික වීරරත්න)
නව කොරෝනා වෛරසය ආසාධිත චීන කාන්තාවක මෙරටින් වාර්තා වීමත් සමග ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ (Face Masks) ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත.
සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ නිෂ්පාදන සමාගම් කිහිපයක් ඉන්දියාවේ පවතින බැවින් මෙරටට කඩිනමින් මුහුණු ආවරණ ගෙන්වාගත හැකි ළඟම රාජ්‍යය ඉන්දියාව බැවින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කර ඇත.
තමා කළ ඉල්ලීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද දැනුවත් කර ඇති අතර නව කොරෝනා වෛරසයෙන් මෙරට ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම සහාය දෙන බව ද පවසා ඇත.
මුහුණු ආවරණ ගෙන්වාගත හැකි ඉන්දියාවේ සමාගම් කිහිපයක් පිළිබඳව තමා දන්නා බවට මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා කළ දැනුම්දීමකට අනුව රජය හා මැදිහත්ව මුහුණු ආවරණ ගෙන්වීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයාට උපදෙස් දුන්නේය.
ජනතාව මේ වනවිට සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් බියකින් පසුවන බැවින් ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන ලෙසත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
COMMENTS
වගකිවයුතු දේශපාලන නායකයෙකු ලෙස ඔබ ගත් පියවර ප්‍රශංසනියයී. වැඩකරන මිනිසුන් වැඩ කල යුත්තේ එසේය.
මුඛවාඩමක් වත් හදාගන්න බෑරි රටක්ද මේක?
අපේ අයියලා ඉන්දියාවට බනින විදිහට මම හිතුවා .............එක්කෝ ඕනේ නැහැ..........
සජිත් සහ නඩයට ඉස්සෙල්ලම මුඛවාඩම් දාලා ඉන්න. ඊගාවට රන්ජන් සහ හිරුනිකාට දාන්න. ඒ දෙන්න කොරෝනා කටවල් දෙකක්.
දැක්මක් ඇති මිනිසෙක්. අවාසනාවකට බොහෝ මිනිසුන් එය තේරුම් ගන්නේ නෑ.
කාගෙ වැඩ කවුද මේ කරන්නේ?... ඉහවහා ගිය පණ්ඩිතකමක්...!
ඔබගේ අනෙක් වැඩ අනුමත නොකළද මෙම ක්‍රියාව හොද වැඩක්. අනිත් කට්ටිය 2/3 ගන්න විදියනේ කල්පනා කරන්නේ. GMOA එක ඉල්ලන්න දීමනාවක් . වෛද්‍යවරුන්ට උපකරණ ආරක්‍ෂිත එපාද ?
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියනවා මුක වාඩම් අවශ්‍ය නැහැ කියලා... දැන් මේ ගොල්ලෝ ඒවා ඉන්දියාවෙන් ගෙන්නන්න හදනවා. කරුණාකරලා මිනිස්සුන්ට කියන්න මුකවාඩම් අවශ්‍යද? නැද්ද? කියලා...
ඉල්ලන්නමනේ පුරුද්ද... ඔය මුකවාඩම් ලංකාවේ හදාගන්න පුලුවන් දෙයක්...
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැහැදිලිව ප්‍රකාශ කළා සාමාන්‍ය ජනතාව මුඛවාඩම් බැඳීම අනවශ්‍ය බව හා නිකරුනේ ප්‍රජාව භීතියට පත් කිරීමෙන් වළකින ලෙස... දේශපාලඥයින් ඥාණවන්තව කටයුතු නොකිරීම තමයි ලංකාව ගිලගන්න ලොකුම වසංගතය.
මුඛවාඩම් අනවශ්‍යයි කියල අදාළ බලධාරීන් කියද්දිම ඇයි මේ බලෙන් දෙන්නේ ? රටකින් රටකට සිදුවන ගණුදෙනුවකදි ඔය ඉල්ලීම කරන්න ඕන එක්කෝ රජය, නැත්නම් අඩු තරමේ විපක්ෂ නායක. මට හිතෙන්නේ ඒ අස්සෙ ඉල්ලමක් පාදගන්න වගේ හදන්නේ. එල්.ටී.ටී එකත් එක්ක ඩීල් දැම්මා වගේ.