(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ කටයුතු සඳහා  පාර්ලිමේන්තු සංකීර්ණයේ  තුන්වැනි  මහලේ  වායු සමීකරණය කරන ලද කාමරයක් ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරී  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ වික්‍රමසිංහ මහතා හිටපු අගමැතිවරයෙකු වන හෙයින් ඒ තත්වය සැලකිල්ලට ගෙන ඔහුට  මෙම කාමරය ලබාදුන් බවයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා     එම කාමරයට මෙතෙක්  පැමිණ  නැතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .