IMG-LOGO

රනිල්ගේ පෙත්සමට වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් ගාමිණී ඇතුළත් කිරීමට අවසර

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

තමන්ට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමින් කර ඇති නිර්දේශයන් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළත් කිරිමට අභියාචනාධිකරණය පෙත්සම්කරුට අද (08) අවසර ලබා දුන්නේය.

ඒ අනුව, එම පෙත්සමෙහි කරුණු තහවුරු කර ගැනීම සදහා ලබන මැයි මස 14 වැනිදා යළි නඩුව කැදවීමට ද අභියාචනාධිකරණය නියෝග කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද (08) යළි කැදවිණී.

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නිතීඥ ජේ. සී. වැලිඅමුණ යන මහත්වරුන් විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා, හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් නම් කරනු ලැබ ඇත.

දේශපාලන පළිගැනීම් සොයා බැලීම පිළීබද ජනාධිපති කොමිසම තමන් සම්බන්ධයෙන් සිදුකළ නිර්දේශයන් බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්,  තමන්ට එම කොමිසම හමුවේ පෙනී සිටීම වළකාලමින් අතුරු නියෝගයක් ද නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

රනිල්ගේ පෙත්සමට වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් ගාමිණී ඇතුළත් කිරීමට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1402 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 518 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site