( +++ ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් බාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්‍ඩායම ඊයේ (13) දහවල් නව මැගසින් බන්ධනාගාරයට ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවසේ.
‘පී’ සිර මැදිරියේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා ජෙලර්වරයකු බාරයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ අමුත්තන්ගේ විශේෂ කාමරයට කැඳවාගෙන ඒමෙන් පසුව ඔහු හමුවීමට ඉඩ සලසාදී ඇත.
සැකකාර මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත් වූ ඉකුත් 15 වන දිනෙන් පසු මන්ත්‍රීවරුන් කණ්‍ඩායමක් ඔහු බැලීමට පැමිණ ඇත්තේ ඊයේ (13) වීම විශේෂත්වයකි.
මෙතෙක් නීතිඥවරුන් හැර වෙනත් කිසිදු දේශපාලනඥයකු ඔහු හමුවීමට පැමිණ තිබුණේ නැත.
මේ වනවිට රන්ජන් සමග ‘පී’ සිර මැදිරියේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ද රඳවා සිටී.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්ජන් බලන්න රනිල් ඇතුළු කණ්ඩායමක් හිරගෙදරට
රවින් Friday, 14 February 2020 06:34 AM
අන්න වැදගත් තොරතුරක්.
Kira Friday, 14 February 2020 06:37 AM
දැන් හොරු අල්ලලා ඉවරයි.
මන්ත්‍රී Friday, 14 February 2020 07:45 AM
උපදෙස් දීපු කට්ටිය සුව දුක් බලන්න යන්නේ නැතුව වෙන කවුරු යන්නද.?
Bamunuarachchi Friday, 14 February 2020 09:50 AM
කපිල චන්ද්‍රසේන මේ ගොයියා සමග කතාවට යන්න එපා.. සියල්ලම හිරුණිකා මාර්ගයෙන් එළියට ඒවි...
ආසියාවේ ආස්චර්යා Friday, 14 February 2020 10:10 AM
රටම හොරාකාපු බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් නිදහසේ, සුවසේ, කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කියන්න ගිහින් වෙච්චි දෙයක්.... ඇත්ත තිත්තයිලු...
BamunuarachchiFriday, 14 February 2020 01:02 PM
ඇත්ත උනත් වාචාල කමට කියන්න ගියොත් ඔය ටික වෙනවා. ඇත්ත කීමටත් සුදුසු වෙලාව එනතුරු සිටිය යුතුයි. දැන් උනේ හරකා වලං කඩේට පැන්නා හා සමාන දෙයක්.
siri Friday, 14 February 2020 10:11 AM
අද කටුනායකදී අත්අඩංගුවට ගත්තා "මස්කට් සිට පැමිණි මඟියාත්" ‘පී’ සිර මැදිරියට යවයිද? නැත්නම් කෙලින්ම රජ මැදුරට යවයිද?