( +++ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධිය ගැන කතානායක කරු ජයසූරිය මහතාගේ දැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි.
කතානායකවරයා රන්ජන් රාමනායක මහතාගෙන් ඉදිරියේ දී මේ ගැන කරුණු විමසීමට බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවැසේ.
රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධියෙන් පාර්ලිමේන්තුවට ද විශාල කැළලක් ඇති වී තිබෙන හෙයින් ඒ කෙරෙහි කතානායකවරයාගේ දැඩි අවධානය මෙසේ යොමු වී ඇතැයි පැවසේ.
කතානායකවරයා කරුණු විමසුවහොත් හඬපට ගැන සියලු තොරතුරු පැවැසීමට තමා සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ‘ලංකාදීප’යට ඊයේ පැවැසීය.
රන්ජන් රාමනායක මහතා තුන්වැනි දිනයටත් ඊයේ මැතිසබයට පැමිණ සිටියේ නැත. ඒ සම්බන්ධයෙන් කළ විමසුමක දී රාමනායක මහතා පැවැසුවේ චිත්‍රපටයක රඟපෑම් කටයුත්තක යෙදී සිටින හෙයින් මැතිසබයට නොපැමිණි බවයි.
හඬපට පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළහ.
COMMENTS
ඔය කිව්වට ලැජ්ජාවක් නෑ. ළගදිම එයි බොරු ගොඩාක් ගොතාගෙන...................
"රාමනායක මහතා පැවැසුවේ චිත්‍රපටයක රඟපෑම් කටයුත්තක යෙදී සිටින හෙයින් මැතිසබයට නොපැමිණි බවයි." ඔය රඟපාලා තියෙන්නේ හොඳ චිත්‍රපටියක..අපිට පව් නොදී කරන දෙයක් කරගෙන හිටිය නම් ඉවරයිනේ..
හා හා මිනිහා චිත්‍රපටයක රඟපාමින් ඉන්නේ. ඒකට තමයි කියන්නේ ඕනවට වඩා සෝබන, මඩ ගැසීම්, ෆේස් බුක්, මාධ්‍ය සංදර්ශන කළා නම් ඕක තමයි වෙන්නේ කියලා. කවුරු හරි වැරදි කළා නම්, නීතියමය කටයුතු කරන්න තිබුණා. නමුත් මිනිහා සෝබනනේ කළේ. මහ බැංකු වංචා දැනගෙනත් රනිල්ව ආරක්ෂා කළා. කෝප් කමිටුවේ වාර්තාව පිට වෙනකොට රට ගියා. මෙයාගේ නරක හැසිරීම් සේරම පැත්තට තියලාප භික්ෂුන් වහන්සේලාගේ සිද්ධිය සමාජ මාධ්‍යවල ප්‍රදර්ශන කළා. මෙයාට තේරීම් කාරක සභාවල් බොරු. කෙලින්ම නඩු පවරලා, දඬුවම් දිය යුතුයි. මොකද්ද මෙයාත් නීති සම්පාදන කරන නියෝජිතයෙක්.
එන්නේ කොහොමද? රෙදි ගැලවිලානේ......................
මැතිසබේට එන්නද මිනිහා වැඩ කරලා තියෙන්නේ. කතානායකගේ ගෝලයෝ තමා. එක්සත් ජාතික පක්ෂය රන්ජන් සුද්ද කරා.
රන්ජන් වැරදි වැඩක් කරලා නැහැ. ඔහුගේ හඬපට වලින් මේ රටේ මහජනතාවට හොඳ මුහුණ පෙන්නගෙන කුපාඩි වැඩකරන හොර තක්කඩින් ගැන මහජනයාට වැටහීමක් ලැබෙනවා.
අඳින්න වස්ත්‍රයක් නැතුවද?
සියදිවි හානි කර ගත්තා කීවොත් මම පුදුම වෙන්නේ නැත.