IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘‘රන්ජන් කළ දේ රන්ජන්ටම පරාවළල්ලක් වෙලා‘‘

(නිමල කොඩිතුවක්කු)

හඬපට පටිගත කරමින් රන්ජන් රාමනායක මහතා කටයුතු කළ ආකාරය හරියි කියා තමන් අනුමත නොකරන බවත් ඔහු සිදුකළ දේ අවසානයේ ඔහුටම  පාරාවළල්ලක් වූ බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රීනී  හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

රන්ජන් රාමනායක මහතා ළඟ රාජකාරි කරමින් සිටි පුද්ගලයකු තරහ වී එතනින් ඉවත් වී යද්දී මෙම සංයුක්ත තැටි පිටපත් රැගෙන ගොස්  කිසියම් රූපවාහිනි නාලිකාවන්ට භාරදී ඇති බවට තමන්ට හැඟෙන බවත් ඇය සඳහන් කළාය.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය මේ බව පැවැසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනී  හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය.

            ‘‘මම කියන්නේ නැහැ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කළ වැඩේ හරියි කියලා. මොකද හැම කෙනාටම පෞද්ගලිකත්වයක් තිබිය යුතුයි. ඔබ හිතලා බලන්න ඔබ කාත් එක්ක හරි කතා කරද්දි එහා පැත්තෙන් ස්පිකර් ෆොන් දාලා හරි කොල් එක රෙකෝඩ් කරලා හරි අනිත් කෙනාව අපහසුතාවයට පත් කරන එක හරිද කියලා. ඒ වෙලාවට රාජකාරී දේවල්ම කතා කරන්නේ නැහැනේ සමහර විට විහිලුවක් කරහම  ඒවට හිනා වෙනවා. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්.

ඒ රොකෝඩ් කරපු තැටි ඔහු ලඟ තියා ගත්තා. ඒ කරපු වැරදි දේම එතුමන්ට පාරාවලලක් විදියට කැරකිලා ආවා.  වැඩ කරපු කෙනෙක් තරහ වෙලා යනවිට මේ තැටි ටික පොලිසියට බාර දුන්නා හෝ මාධ්‍ය ආයතනයකට දුන්නා කියලා තමයි ගොඩක් කියවෙන්නේ.

ඇත්තටම මගේ දැනුම අනුව සිද්ධවෙලා තියෙන්නේ අපි විපක්ෂයට ගියහම කාර්ය මණ්ඩලය අඩුවෙනවා. ඒ අනුව එතුමන් එක්ක වැඩකරපු කෙනෙක්  අයින් කරලා තියෙනවා.

එයා ලඟ තමයි  පරිස්සමට මේ තැටි ටික තියලා තියෙනවා කියලා කියන්නේ. ඒ තරහට  මේ තැටි ටික එක්තරා මාධ්‍ය ආයතනයකට ගිහින් දීලා තියෙනවා. ඒ මාධ්‍ය ආයතනය  පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. අර කොපි ටික තමයි මාධ්‍ය ආයතනය පොලිසියට දුන්නේ. පොලිසිය ගිහින් රන්ජන් රාමනායකගේ නිවස සෝදිසි කරලා ගෙදර තිබුණ ඔර්ජිනල්  ටිකත් අරගෙන ගිහින් තියෙනවා‘‘ යැයිද ඇය එහිදි සඳහන් කළාය.

 

 



අදහස් (0)

‘‘රන්ජන් කළ දේ රන්ජන්ටම පරාවළල්ලක් වෙලා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site