
(ළහිරු හර්ෂණ)
ජාතික පුවත්පතක පළවූ ප්‍රවෘත්තියකට අදාළව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සිදුකරන ලද පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහා බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (09) කොළඹ 8 කාසල් වීදියේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට බන්ධනාගාරයේ සිට රැගෙන ආවේය.
ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව නැවත බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේ මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් දැක්වීමට උත්සාහ කළ අතර බන්ධනාගාර නිලධාරීන් එය වළක්වා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව බන්ධනාගාර බස් රථය වෙත නංවා ගැනීමට උත්සාහ ගත් අයුරු ඡායාරූපවල දැක්වේ.



COMMENTS
අනේ රන්ජා. කට නිසා මාලුවා නහිනවා කියන්නේ මේකට තමයි.
හරිම කැතයි. බන්ධනාගාර නිලධාරීන් හැසිරුණු විදිහ නම්. ලැජ්ජයි..!!! ලැජ්ජයි...!!!
මෙවැනි අය උසාවියට ප්‍රවාහනය කරනවා වෙනුවට, වීඩියෝ ලින්ක් එකක් හරහා උසාවියට සම්බන්ධ කිරීම සියල්ලන්ගේම ආරක්ෂාවට යෝග්‍ය බවයි මගේ අදහස...
මේවා ගැන කියන්න වචන නැහැ .
ඇගයී, කටයි විතරයි.
දැන් රන්ජන් රාමනායක මැතිතුමාට අදහස් ප්‍රකාශ කිරීමටවත් නිදහසක් නැහැ වගෙයි.
හිර දඬුවම් විඳිද්දීත්, කරන්න හදන්නේ නීතිවිරෝධී වැඩයි. මේ වගේ අයට කොහොම සැලකුවත් කමක් නැහැ.
ජරා වැඩකරලා ඒ මදිවට කතා පවත්වන්නත් යනවා. හොඳ වැඩේ..
රන්ජන් ඔබ මේ රටේ ජනතාවගේ දේපළ හොරාකාලා නැහැ. මාල කඩලා නැහැ. බාර් නැහැ. වංචා කරලා නැහැ. ඉක්මණට පොහොසත් වෙලා නැහැ. මැණික් මලු ලැබිලා නැහැ. ජනතා මුදල් නාස්ති කරලා නැහැ. ඔබ විශිෂ්ඨයි.
දූෂිතයින් බොහෝ දෙනෙකුට දූෂිත පුද්ගලයින්ට සහයෝගය දැක්වීමට උත්සාහ කිරීම දැකීම කනගාටුවට කරුණකි. රන්ජන් දුප්පතුන්ට සහයෝගය දැක්වීය .ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළ ඔහු කරන්නේ කුමක්ද යන්න අපට කමක් නැත. මන්ද සෑම කෙනෙකුම එසේ කරයි. අවම වශයෙන් ඔහු කොඳු නාරටිය හා ධෛර්යය ඇති පුද්ගලයෙකි. ඔහු වැරදි දේට එරෙහිව කතා කළේය.
රංජන් කලේ ඇත්ත යුක්තිය පෙන්නලා දීපු එක... ඒ ගැන නොබියව කතා කළ එක. මේ රටේ සියලු දේම දූෂිතයි කියන එක පොදුවේ වැරදියි. නමුත් සමහර විනිසුරුවරුන් දූෂිතයි. උදාහරණයක් ලෙස හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වාගේ ප්‍රකාශය. හිරගෙදරට යැවිය යූතු කෙනා රජගෙදරට යැව්වා කීම. මොහාන් සිල්වා අග විනිසුරු. ජනපති මෛත්‍රීට ඕනෑ විදියට තීන්දුවක් දෙන්නම් අයින් කරන්න එපා කීම. තව ඕනෑතරම් තියෙනවා. එත් රංජන් ගේ දඬුවම ඉතා තදබල එකක්. අනික මේ ඊයේ පෙරේදා ඒ ටී ආරියරත්න මහතා කතාවක් කළා නොදන්න අය අහලා බලන්න. මේ රට සමස්තයක් වශයෙන් ඉතා දූෂිත රටක් වෙලා ඉවරයි. හරිම දුකයි මේ රට ගැන....