( +++ සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන්ට දුරකතන ඇමතුම් දෙමින් කළ කතාබස් ඇතුළත් බවට පැවැසෙන හඬ පට ගණනාවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජලාවන්හි සංසරණය වෙමින් පවතින අතර, මේ සංවාද මේ වන විට රටේ මහත් ආන්දෝලනයකට හේතු වී ඇත.
එම සමාජ මාධ්‍යවල දැක්වෙන තොරතුරුවලට අනුව මේ හඬපටවල අන්තර්ගතවී ඇත්තේ රාමනායක මහතා එවකට සිටි විනිසුරුවරියක රහස් පොලිසියේ ප්‍රධානීන් කිහිප දෙනකු, දේශපාලනඥයන් හා විවිධ තරාතිරම්මවල කාන්තාවන් අමතන ආකාරයයි.
විනිසුරුවරියගේ උසස්වීමක් ගැන මෙම සංවාදයේදී සඳහන්වී ඇතිබවද පැවසේ.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කළ විමසුමක දී ඔහු පැවැසුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල නිවෙසේ තිබී සොයා ගත් ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ ඉහළ පෙළේ පරීක්ෂණයක් අරඹා ඇති බවයි.
වැඩබලන පොලිස්පතිවරයා ඒ පිළිබඳව තමාට දැනුම් දුන් බව ද රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
යම් යම් දේශපාලනඥයන්ට කතා කරමින් රාමනායක මහතා කරන විවිධ බලපෑම් පිළිබඳව මෙම හඬපටවල අන්තර්ගත වන බව කී රඹුක්වැල්ල මහතා දුමින්ද සිල්වා නඩුවට අදාළව කරන ලද බලපෑමක් පිළිබඳව ද ඒවායේ සඳහන් වී තිබෙන බව ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේ දී ආණ්ඩුව නඩු කටයුතුවලට මැදිහත් වුණු ආකාරය ගැන මේ හඬ පටවලින් කදිමට පෙන්නුම් කෙරෙන බවත්, මේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් නීතිය කරවන අංශ ඉහළ පියවරක් ගත යුතු බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කෙසේ වෙතත් දේශපාලනඥයන් විදියට අප මේ කටයුතුවලට මැදිහත් නොවන බව ද ඔහු කීය.
රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවෙස පෙරේදා (5) වැටලූ බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසය විසින් එහි තිබී බලපත්‍රයක් කල් ඉකුත් වූ ගිනි අවියක්, ජීව උණ්ඩ තොගයක්, සංයුත්ත තැටි 162ක් හා දෘඪ තැටි තොගයක් ද සොයා ගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එම්.යූ.කේ. පැල්පොල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබීය.
මේ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, හොරු අල්ලන ඇමැති විදියට තමා විවිධ තොරතුරු ලබා ගැනීමට විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට, නිලධාරීන්ට කතා කළ බවය.
රහස් පොලිසියේ ශානි අබේසේකර, නිශාන්ත කන්දප්පා යනාදී නිලධාරීන්ට ද තමා කතා කළ බව රාමනායක මහතා කීය.
විවිධ දූෂිත පුද්ගලයන්ට විරුද්ධව අදාළ විමර්ශන අංශවලට වැඩිම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ තමා යැයි කී රාමනායක මහතා ඒ සඳහා තමාට එම විමර්ශන අංශවලින් තොරතුරු අවශ්‍ය වුණු හෙයින් ඒවායේ ප්‍රධානීන්ට කතා කළ බව ද ප්‍රකාශ කළේය.
විවිධ අංශවලින් යම් යම් රහසිගත තොරතුරු ලබා ගැනීමට තමා විවිධ උපක්‍රම පවා අනුගමනය කළ බවත්, තමා ඒ උපක්‍රම ඉගෙන ගත්තේ මාෆියා චිත්‍රපට බැලීමෙන් බවත් හිටපු රාජ්‍ය ඇමැතිවරයා කීය.
විවිධ අපරාධ, දූෂණ හා වංචා රැසක තොරතුරු තමා සන්තකයේ ඇතැයි කී රාමනායක මහතා අවශ්‍ය වුවහොත් ඒවා ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය, නීතියේ ආධිපත්‍යය වැනි සංකල්ප ඉතාම නින්දිත අයුරින් පාච්චල් කරමින් විරුද්ධවාදීන් දඩයම් කල පහුගිය ආණ්ඩුව තවත් කාලයක් තිබුනා නම් මොන තරම් විනාශයක් රටට සිදු කරයිද යන්න මෙම සිදුවීම මගින් කදිමට පෙන්වා දේ. එසේම, මහා දූෂණ විරෝධීන් ලෙස තමන්ම හදුන්වා ගන්න ජවිපෙය ද එජාපයේ එක්තරා දේශපාලකයකුගේ සාක්කුවේ සිටි බව ද එක හඩ පටයකින් හෙළිදරව් වීම සරදමකි.
අන්තවාදී, මූලධර්මවාදී, මාෆියාව රෙදි ගලවාගෙන....................
අපි මේකේ සත්‍යය දැනගන්න ඕනෑකමින් බලාගෙනයි ඉන්නේ. කොහොම වුනත් රන්ජන් පස්සේ ආණ්ඩුව මේ විදිහට එළවන්නේ නම් ඔහු නිහඬ කිරීමට නැත්නම් පළිගැනීමට බව නම් ඉර හඳ වගේ පැහැදිලියි. පොලිසිය සීල් තියලා බාරගත් හඬ පට සමාජ මාධ්‍යවලට දේශපාලුවන් විසින් ලබා දීමෙන්ම මඩ ගැසීමේ අරමුණ තහවුරු වෙනවා. නමුත් රන්ජන් ඇත්තටම ඔය කියන බලපෑම් කළා නම් ඔහු අනිවාර්යයෙන්ම දඬුවම් විඳිය යුතුයි. ජේසුස් වහන්සේ කිව්වා වගේ "පව් නොකරපු එකා පළවෙනි ගල ගහපල්ලා". ඒ වුනාට ගල් ගහන කට්ටිය දැක්කහම අප්පිරියාවේ බෑ.
ච්ත්‍රපටි නළුවෙක් දොස්තරගේ චරිතය රගපෑ පමණින් ඔහුගෙන් බෙහෙත් වට්ටෝරු ගන්න තරම් අපි මෝඩ වුනේ කොහොමද?
ඒ හඬපට වලට කන් දුන්නු ඕනෙම කෙනෙක්ට තේරෙනවා මොන තරම් නින්දිත විදිහට ඔවුන් නීතිය අවභාවිත කර තිබෙනවද කියලා. මොහු සමාජයට පෙනී සිටියේ ඔහු තරම් නිවැරදි පුද්ගලයෙක් තවත් නැති විදිහටයි .මොහු තරම් අනිත් මිනිස්සුන්ට අපහාස කරපු තවත් කෙනෙක් නැහැ. අන්තිමට දිට්ට ධම්ම වේදනීය කර්මය පලිසන් දුන්නා.
අන්තිම කොටසේ අර්ථය කුමක්ද? තමා හට නීතිය ක්‍රියාත්මක කළොත් ඒ නීතිය ක්‍රියාත්මක කරන අයට අදාල හඩ පට ගැනද මේ තර්ජනය ? සී.අයි.ඩී, අධිකරණ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ගිරයට අහුවුණු පුවක්ගෙඩි වගේද?
මට නම් මේකේ ඇති වැදගත් කමක් නැහැ . නමුත් මම දන්නේ නැහැ රන්ජන්ගේ නිල නිවාස වටලලා අල්ල ගත්ත හඩපට නඩු භාණ්ඩ වශයෙන් නම් විය යුතුව තියෙනකොට මෙහෙම ප්‍රසිද්ධියේ මාධ්‍ය වලට මුදා හරින්න පුළුවන් ද කියලා............ කවුරු මොනවා කිව්වත් ලංකාවේ නීතියක් නැහැ. එක එක්කෙනාට ඕන ඕන මගුල් තමන්ට රිසිසේ නටන්න පුළුවන් කියල විතරක් පෙනෙනවා. අනිත් එක ඒ දෙබස් වල කියන්නේ යම් යම් සිදුවීම් වල වසන් කරපු කාරණා කියලත් හිතෙනවා. එතකොට එයා එහෙම විස්තර අහපු එක වරදක් වෙනවද ?
කිරි සප්පයනේ.
නීතිය එක පාරක් නවලා නෙවෙයි........................
කාටවත් බෑ විනිශ්චයකාරවරයාට කතා කතා කරන්න. එයාලට උත්සවයකටවත් සහභාගී වෙන්න බෑ. විස්තර අහලා පොලීසියට උපදේශ දෙන්න රන්ජන් කව්ද ? කතාවනම් සමාජය හදන්න............ කරන්නේ යටි කූට්ටි වැඩ.
බඩුත් එක්ක හොරු මාට්ටු වුනත් අලියා අලියමයි.