( +++ ඉන්දිකා රාමනායක)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමග දුරකතනයෙන් සිදු කළ සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬපට 14 ක් පමණ ඊයේ (8) වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබිණි.
රාමනායක මහතා හිටපු අගමැතිවරයාත්, හිටපු මහාධිකරණ විනිසුරුවරියක, මහේස්ත්‍රාත්වරුන් දෙදෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ නිළියක, පොලිස් නිලධාරින් ඇතුළු කීප දෙනකු සමග කළ දුරකථන සංවාද මෙම හඬපටවලට ඇතුළත්වී ඇතැයි පැවසේ.
මෙම හඬපට ප්‍රසිද්ධියට පත්වීමෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කැළඹීමක් හටගෙන ඇත.
රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී පොලිස් බාරයට ගත් සීඩී පටවලින් හඬ පට 10 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඒවා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි.
කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් රාමනායක මහතාගේ නිවසේ තිබී පසුගිය 4 වැනිදා සිය බාරයට ගත් මෙම හඬපට සහිත සීඩී, සහ හාර්ඞ් ඩිස්ක් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසට බාරදී ඇත.
COMMENTS
මට දේශපාලනයක් නැහැ . මම මෙතෙක් හිතන් හිටියේ රන්ජන් කියන්නේ සමාජයට වැඩක් කරන්න උත්සහ කරන කෙනෙක් කියලා. නමුත් මේ රේකොඩින් වලින් දැනටම වෙස් මුහුණක් බැඳන් මුළු රටම රවට්ටපු වංචාකරුවෙක් , කුමන්ත්‍රණ රජෙක් බව පැහැදිලියි.
එක්ලක්ෂ විසිදාහකින් 14 යි එළියේ. ඔයටික ඔහොමනම් අනිකෙවා කොහොම තියේවිද. නරකද කොපි ගහලා විකුනන්න දැම්මොත් පක්ෂ බේදයෙන් තොරව පටගාලා විකිනේවි.
රන්ජන් ගැන අප සිත සිටි විදිය වැරදියි කියලා මට හිටනවා. බලද්දී මෙයා හැමෝටම මොනා හරි උදුවව්ක් කරලා තියනවනේ.
මේකනම් රන්ජන්ගෙ ඩීල් එකක් වගේ. උසාවියට අපහාස කිරීමෙන් නිදහස් වීම සදහා කරන රංගනයක්ද...?
මේ හඬ පට අහු නොවෙයි කියා හිතාගෙන රෙකෝඩ් කර තියාගත්තා නම් රන්ජන් මහා මෝඩයෙක්. මේ සිද්ධිය සමහරුන් කියන පරිදි ඔහුගේම නිර්මාණයක් නම් ඔහු අපුරු සැලසුම්කාරයෙක්. මේක රජයේම සැලසුමක් නම් ඔහු උගුලකට අසුවුවෙක්. පොලිසිය සීල් තියපු හඬ පට ඇමතිලා නිදහසේ සමාජ මාධ්‍යවලට බෙදා හරින බව පෙනෙන නිසා ඔහු පළිගැනීමට ලක්වුවෙක්. උසාවියට නඩුව ඇවිත් කරුණු හෙළිදරවු වනතුරු මට නම් කොයි එක හරිද කියලා අදහසක් නෑ.
රංජන් මේ ක්‍රමය තුලින් පැති දෙකක ප්‍රයොජන ගත්තා. එකක් විරුද්ධවාදින්එට බොරු වැරදි පටලවා ඒ මගින් එජාපයේ ජයග්‍රහණ සඳහා දායකත්වය. දෙවනුව ඔහු සමඟ සංවාද පැවැත්වූ අයට එම සංවාදවල හඬපටි නැවත පෙන්වා බයකර ලබාගත් ප්‍රයෝජනයට වඩා වැඩි ප්‍රයෝජන ලබා ගැනීම.
ගෝලයෝ අනුගමනය කරන්නේ ලොක්කව.
බැංකුවකට කතාකරන හැම වෙලාවේම බැංකුව කියනවා මේ සාකච්ඡාව පටි ගත කරනවා කියලා. කතාවල් පටිගත කරන එකත් අපරාධයක් නේද?
ඔය හොරාගේ වාසගම දන්නවද? සද්ද විද්ද පළඟ පතිර ... ඕකම තම අන්දරේගේ වසගමත්. රනිල්ලා ඔය ජෝකර් ළං කර ගත්තේ එයාගේ විහිලු අහන්න මිස වැඩකට නෙවේ. හැබැයි ඉතින් කටුස්සට ඔටුන්න දැම්මා වගේ ඔය මිනිහා පිම්බුණා. සමාජ මාධ්‍ය වලින් කොහෙද හිටිය බුරුවෙක් පිම්බුවා. දැන් පේනවා නේද දවල් මිගෙල්ගේ තරම. ඔහොම යමුකෝ තව හොද හොඳ නැටුම් බලන්න පුලුවන්. ඔය යමපාලනේට ඡන්දේ දීපු අයට දැන්වත් තේරුනොත් ලොකු දෙයක්.