( නිමන්ති රණසිංහ සහ ඩී.ජී. සුගතපාල )
සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (16) සවස අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් සිටි අමාත්‍යවරයා පැය භාගයක් පමණ රන්ජන් රාමනායක මහතා සමඟ කථා බස් කිරීමෙන් පසු පිටත්ව ගොස් ඇතැයිද ඔහු සඳහන් කරයි.
අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඬුවමක් නියමවූ අතර මේවන විට ඔහු පැලැස්ස බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රඳවා තබා සිටී.
COMMENTS
අපිට අපහාස කරන හැටියට නඩු දාන්න ගියොත් වෙන වැඩක් කරන්න කාලයක් නැහැ.
"ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි" කියලා කතාවක් තියෙනවනේ...
නාමල් මහතාණෙනි, ඒක හොඳයි.
ගරු මැතිතුමනි, ගරු රංජන් මැතිතුමාට පොදු සමාව ලබාදීම උදෙසා ගරු ජනාධිපතිතුමාට නිර්දේශයක් ලබා දෙන්න. එතුමා නලින්, කටින් ගොඩගත්තොත් එතුමාගේ අනාගතයට සුබඵලදීමට එයත් ඉවහල් වේවි.. එය ඉටුවේවා..!!!
"ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි" ලු. ලජ්ජා නැතිකමද නැතිනම් වෙන වෙන දේවල් කර දෙන්න කියපු හඬපට හාදයා ළඟ තිබෙන නිසාවත්ද?
ඒකයි බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නේ..
මීට වැඩිය හොඳයි අර බාප්පා මානසික වෙදෙක් ළඟට අරගෙන යන්න පුළුවන් නම්... නැතිනම් අපේ රට ඉවරයි.
මල්ලි මේ ඔක්කොම හොරු මල්ලි. උපුටා ගැනීම රංජන් රාමනායක...!
සමහරවිට රංජන් පොහොට්ටුවට යන්න කැමැතියි කියන්න ඇති. නාමල්ට ඕනෑ දෙයක් කරන්න බලය තියෙනවා.
අයියෝ මේ මොකද?
අලුත්අවුරුද්දේ වෙන වැඩ නැද්ද???