
(ඉන්දිකා රාමනායක)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම වතාවට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 07 දෙනෙකු මානව බලාදක්ෂයින් වශයෙන් දිව්රුම් දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම හත්දෙනා 29 වන කොළඹ විකුම් මානවක බාලදක්ෂ කණ්ඩායමේ ඉකුත් (13) දින නිදි වර්ජිත රාජකාරියෙන් පසුව ප්‍රථම වතාවට මානවක බාලදක්ෂයින් ලෙස උර පළඳනා පැළඳ දිවුරුම් ලබා දුන් බවත් මානවක බාලදක්ෂයින් සදහා උර පළඳනා පැළඳවිම බන්ධනාගාර දෙපාර්ථමේන්තුවේ ප්‍රථම අවස්ථාවට සිදු වු බව බන්ධනාගාර මුලස්ථානය සදහන් කරයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියවලියේ එක් අංශයක් ලෙස මානවක බාලදක්ෂ ව්‍යාපාරය සුවිශේෂි වන බවත්, වැරදිකරුවන් වු පුද්ගලයන් යහපත් විනයගරුක හා සදාචාර සම්පන්න පුද්ගලයෙකු ලෙස සමාජය ගත කිරිම කිරිමේ පරම අභිලාසයෙන් මෙම ක්‍රියාත්මක කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක , පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
සෑම බන්ධනාගාරයකම මානවක බාලදක්ෂ කණ්ඩායමක් පුහුණු කර ඇති බවත්, මෙම කටයුතු මානවක බාලදක්ෂ පුහුණුව ලත් බන්ධනාගාර නිලධාරින් විසින් සිදුකරනු ලබන බවද හෙතෙම කීය.
COMMENTS