රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල මගින් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට සහ අතිරේක දඩ මුදල් ඉවත් කිරීමට ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
පොලිසිය විසින් මාර්තු මස 01 වැනි දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ පත්‍රිකා සඳහා මෙය අදාළ වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
එම දඩ පත්‍රිකා දින 14 ක් ඉක්මවීම සම්බන්ධයෙන් කිසිදු අතිරේක මුදලක් අය නොකර ගෙවීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘත කිරීමෙන් පසු මෙම සහන කාලය ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවේද එකඟතාවය මත තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd