(ඉන්දිකා රාමනායක)
නාගරික ප‍්‍රදේශවල පොදු ස්ථානවල රථවාහන නවතා තැබීමේදී රියදුරුගේ ජංගම දුරකතන අංකය සහ නම මෝටර් රථ ඉදිරිපස වීදුරුවේ ප‍්‍රදර්ශනය කළ යුතු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
නාගරික ප‍්‍රදේශ වල තැන තැන රථවාහන නවතා රියදුරන් නොයෙක් රාජකාරි කටයුතුවලට පිටව යන බවත්, මෙම වාහන සැකකටයුතු වාහන යැයි පවසමින් ජනතාව පොලිසිය දැනුවත් කර බෝම්බ නිශ්කී‍්‍රය අංශ එම ස්ථානවලට ගෙන්වා පරීක්ෂා කරන බවත්, එම අවස්ථාවලදී රියදුරන් ඉදිරිපත් වන බවද ගුණසේකර මහතා පැවසීය.
මේ ආකාරයේ කි‍්‍රයා හේතුවෙන් පොලිසිය, බෝම්බ නිශ්කී‍්‍රය අංශයද, ජනතාව ද අපහසුතාවට පත්වන හෙයින් එය වැළැක්වීමට මෙම පියවර ගත් බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක නම් හොඳ යෝජනාවක් ආරක්ෂාවට...
ඉතාම කාලීන දෙයක්. ඒ වාගේම රිය පදවන කාන්තාවන් ප්‍රමාණය අඩුවේවි.
මෙය හැමෝටම අනිවාර්ය නම් " රට කන ඌරු රැළ, මහජනතාව රවටා ලබාගත් ඔවුන්ගේ සුඛෝපභෝගී කරත්ත' වලටත් අනිවාර්ය කළ යුතුයි. ඒ කරත්ත පසුපස, ඉදිරියෙන් යන බත් බැල වහල්ලුන්ගේ කරත්ත වලටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
ජංගම දුරකථනය නාදවීමේදී බෝම්බය පුපුරායන විදිහට සෙට් කළොත් එහෙම.. මම මේ නොදන්න කමටයි ඇහුවේ...